Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“සුරක්ෂා” ලක්ෂ 70 ක ප්‍රතිලාභ දරුවන් අතට

දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු ම සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මඟින් හඳුන්වා දුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාගැනීම වේගවත් වී ඇතැයි එම අමාත්‍යංශය සදහන් කළේය.

මේ යටතේ සෑම පාසල් දරුවකු සඳහා ම රුපියල් ලක්ෂ 2 ක රක්ෂණාවරණයක් හිමිවන අතර ලක්ෂ 45 කට ආසන්න සිසුන් පිරිසක් මේ යටතේ ආවරණය වේ. ඔක්තෝම්බර් 01 වන දා සිට අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන බල ගැන්වුණි.

2018 ජනවාරි 07 වන දින වන විට අධ්‍යාපන අමාත්‍යංශය වෙත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලැබුණු සංඛ්‍යාත්මක දත්ත අනුව රු.ලක්ෂ 70 කට වඩා වැඩි මුදලක් රක්ෂණ ප්‍රතිලාභ ලෙස මේ වන විටත් සිසුන් වෙත ගෙවා අවසන්ය.

එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝම්බර් සිට මේ මස දක්වා ගෙවීගිය තෙමස ඇතුළත රක්ෂණ ගෙවීම් සදහා ඉල්ලීම් 2246 ක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලැබී ඇති බව ද එම තොරතුරු මගින් අනාවරණය වී තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය දෙසැම්බර් 07 වෙනිදා පාසල් මට්ටමින් දීප ව්‍යාප්තව දියත් කළ දැනුවත් කිරීමේ වැඩසටහනින් පසු මෙලෙස ප්‍රතිලාභ ලබාගැනීමට පැමිණෙන දරුවන්ගේ ප්‍රමාණයේ යම් ඉහළ යාමක් ද සිදු ව ඇති බවද වාර්තා වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();