Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දුන් ඇමරිකානු GSPබදු සහනය අනිද්දායින් අවසන්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා තිබූ GSP බදු සහනය මෙම දෙසැම්බර් 31 වෙනිදායින් පසු අත්හිටුවිමට ඇමරිකාව තීරණය කොට ඇත.

ඇමරිකාව විසින් ගෙන ඇති මෙම තීරණය ශ්‍රී ලංකාව මෙන්ම එම බදු සහනයෙන් ප්‍රතිලාභ ලැබූ අන් රටවලටද බලපායි.

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සදහන් කළේ ඒ අනුව ලබන ජනවාරි පළමුවැනිදා සිට ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට සිදුකරන අපනයනයන් ද වරණීය නොවන තීරුබදුවලට යටත් වන බවයි.

මේ අනුව ශ‍්‍රි ලංකා නිෂ්පාදනයන් ගණනාවක් සදහා කිසිදු තීරු බදු අයහකිරීමකින් තොරව ඇමරිකානු වෙළදපලට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි වෙයි.

ශ‍්‍රි ලංකාවේ සමස්ථ අපනයනයෙන් 18%ක් පමණ සිදු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයි.

එමගින් මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක් ලැබෙයි.

රෙදි පිලි, රබර් නිෂ්පාදන, විසිතුරු මසුන් ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රි ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබයි.

බදු සහනය අහිමි වීමත් සමග තීරැු බදු ගෙවමින් ලෝකයේ සෙසු රටවල නිෂ්පාදන සමග තරගකරමින් ඇමරිකානු වෙලදපලට භාණ්ඩ ලබා දීමට ශ‍්‍රී ලංකාවට සිදුවෙයි.

2016 වර්ෂයේදී පමණක් ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියන 2.8 ක භාණ්ඩ ඇමරිකාවට අපනයන කර තිබේ.

මේ වන විට ඇමරිකානු ආර්ථිකයේ ශීඝ්‍ර පසුබෑමක් සිදුවෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසති.

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය විසින් ලබාදෙන ජී එස් පී ප්ලස් බදු සහනයේ කිසිඳු වෙනස් වීමක් සිදු වී නෑ..!

ඇමෙරිකානු ජීඑස්පී බදු සහනය ලබා දීම අනිද්දායින් අවසන් වූවද පසුගිය මැයි 19 වන දින සිට යළි ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය විසින් ලබාදෙන ජී එස් පී ප්ලස් බදු සහනයේ කිසිඳු වෙනස් වීමක් සිදු වී නෑ..

2021 වසර දක්වා මෙම බදු සහනය ශ‍්‍රී ලංකාවට හිමිවන බවයි යුරෝපා සංගමය සඳහන් කළේ.

මෙම සහනය නිසි ලෙස භාවිත කිරීමෙන් ශ‍්‍රී ලංකාවට තවත් සහන රැසක් ලබාගත හැකි බවද එම සංගමය සඳහන් කළා.

භාණ්ඩ 6600කට ජී එස් පී ප්ලස් බදු සහනය හිමිවන අතර මේ යටතේ පළමු වර්ෂයේ දී පමණක් ඇගළුම් ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථා විසිදහසක් හිමිවා.

මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් නොව මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ටද ජී එස් පී ප්ලස් බදු සහනය හරහා වාසි අත්වනවා.

මෙරට අපනයනවලින් තුනෙන් එකක් පමණ යුරෝපා රටවලට සිදු ‍කෙරයෙි.

වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය (GSP) යනු කුමක්ද?

වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය යනු සංවර්ධනය වන රටවල් වලට ඔවුන්ගේ අපනයන පුඵල් කිරීම මගින් විදේශ විනිමය ඉපැයීම් වැඩි කර ගැනීමට සහාය වීම පිණිස කාර්මික රටවල් විසින් ගන්නා ලද සාමූහික ජාත්‍යන්තර ප්‍රයත්නයක කොටසක් ලෙස 1972 දී ක්‍රියාත්මක කරන ලද සංවර්ධනය වන රටවල් සඳහ වන අනුග්‍රාහක තීරුබදු වරණයන් ක්‍රමයකි.



from Gossip Lanka News & Video http://ift.tt/2CknE5B
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();