ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය. බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ 9 වන අවස්ථාව මෙය වන අතර පසුගිය රැස්වීම්වලදී සාකච්ඡා කළ කරුණු ඉදිරියට ක්‍රියාත්මක වන අන්දම පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. පිරිවෙන් සදහා ඩෙස් බංකු ලබාදීමට ආරම්භ කර තිඛෙන වැඩසටහන යටතේ ඩෙස් බැංකු කට්ටල දස දහසක් පමණ මේ වන විට සකස් කර අවසන්ව තිබෙන අතර ඉදිරියේදී ඒවා පිරිවෙන් සදහාබෙ දාදීමට හැකි බව සදහන් කෙරිණි.
එමෙන්ම බුද්ධ ජයන්ති නව ත්‍රිපිටක ග්රන්ථ, සංස්කරණය සහ මුද්‍රණය පිළිබද ප්‍රගතිය ද සාකච්ඡාවට බදුන් විය.
පුස්කොළ පොත් සංරක්ෂණය සදහා ගෙන යන වැඩපිළිවෙළ හා ඒ සදහා නව පුස්තකාලයක් ඉදිකිරීමේ යෝජනාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. ජනවර්ග අතර අන්‍යොන්‍ය අවබෝධය සහ සංහිදියාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් පිළිබදව ද අවධානය යොමුවූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අන්තර් ආගමික කමිටු පිහිටුවීම සහ ඒ සදහා ආගමික නායකයින්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ සහය ලබා ගැනීම පිළිබදව ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවට බදුන් විය. මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක ස්වාමින් වහන්සේ, ආචාර්ය අකුරැටියේ නන්ද ස්වාමින් වහන්සේ, නාරම්පනාවේ ආනන්ද ස්වාමින් වහන්සේ, තිිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නායක ස්වාමින් වහන්සේ, මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ ඇතුළු ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය නියෝජනය කරන ස්වාමින් වහන්සේලා සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ඇතුළු නිලධාරිහු මෙම හමුවට එක්ව සිටියහ.
( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )
0 Comments