Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විනයක් ඇති, උගතුන්ගෙන් පිරි සමාජයක් ගොඩනැඟීමට කටයුතු කළ යුතුයි

Author(s): 
චමීර ඇල්ලදෙණිය

දැනුම මුල් කරගත් සමාජයක් ගොඩනැගීමට සියලු දෙනා කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

විනයක් ඇති උගතුන් මෙන්ම උගතුන්ගෙන් පිරි විනයක් ඇති සමාජයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (12) පැවැති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2017 වර්ෂයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් එසේ ජනාධිපතිවරයා හමුදා නිලධාරීයකු සතු අවංකභාවය, එඩිතරභාවය හා සටන්කාමීත්වයට උගත්කම එක්වූ විට සියලු ක්ෂේත්‍ර ජයග්‍රහණය කළ හැකි බවද කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

මෙම උපාධි ප්‍රදානොත්සවයට ආරාධනා කිරීම පිළිබඳ මා ස්තුතිවන්ත වෙනවා. මෙම සරසවිය මුලින්ම ආරම්භ වුයේ කොතලාවල ආරක්ෂක විද්‍යාලය වශයෙනුයි. රටේ යුද නාවික ගුවන් අංශවල සේවය කරන ඔවුන්ගේ දැනුම ඒ වගේම කුසලතා වර්ධනය කිරීම සඳහායි. නමුත් කාලානුරූපව අවශ්‍යතාව අනුව කොතලාවල ආරක්ෂක විද්‍යාලය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය බවට පත්වුණා.

නව ලෝකයේ අධිතාක්ෂණික යුගයක ප්‍රධාන වශයෙන්ම දැනුම මුල්කරගත් සමාජයක තිබෙන තරගකාරීත්වය මුළුමහත් මානව සමාජයේ විශිෂ්ට ප්‍රගමනයක් සඳහා බලපානවා. මිනිස් පරිණාමයේ ඓතිහාසික පසුබිම් ආරම්භක අවස්ථාව පිළිබඳ අතීතියට එබී බැලුවහොත් මිනිසුන් අතරේ ඇතිවූ සටන්වලට වනචාරී යුගය, ගල් යුගය මිනිසුන් සටන්වලට භාවිතා කළේ ගල් පොලු මුගුරු වැනිදෑයි. මිනිස් පරිණාමය සමඟ වනචාරී යුගය පසුකරමින් මානවයා සිය විශිෂ්ට ගමන්මඟ ආරම්භ කිරීමේ ප්‍රබුද්ධ කතාන්තරය සමඟ දැනුම මුල් කරගත් සමාජයක් ගොඩනැගුවා.

දැනුම මුල් කරගත් සමාජය සෑම අංශයකින්ම සන්නද්ධවීමේ සිය වගකීම ඉටු කිරිම සඳහා බැදී සිටින්නට කටයුතු කළා. ලෝකයේ රටක ජාතිකය අනාගතය පිළිබඳව බලාපොරොත්තු තැබිය හැක්කේ ඒ ජාතියෙ අධ්‍යපානය, උගත්කම දැනුම ඒත් සමඟම ඇතිවන අත්දැකීම් පරිණතභාව තමයි වැදගත් වෙන්නේ. දැනුම උගත්කම මුල්කරගත් සමාජයක් රටක තිබෙන මහා ආයෝජනයයි. අපෙත් ඔබෙත් මාතෘභූමියෙත් ඓතිහාසික වසර දහස් ගණනක දෙස එබිකම් කළ බැලුවහොත් අධ්‍යයනය කළහොත් අපි දන්නවා වසර 5000කට වැඩි ඉතිහාසයක් තිබෙනවා. අපි බොහෝ ක්ෂේත්‍රවල දැනුමින් සංවර්ධනය වී ශාස්ත්‍රිය වශයෙන් විද‍්‍යාත්මක වශයෙන් නිපුණතා වශයෙන් ලෝකයේ දියුණුවක් ලබා තිබුණා.

එහෙත් ඇතැම්විට ස්වභාවික හේතූන්, විදේශ ආක්‍රමණයන් රට අභ්‍යන්තරයේ ඇතිවූ ගැටුම් හා අසමඟිකම් භූගෝලීය වශයෙන් ඇතිවූ විද්‍යාත්මක හේතූන් සියල්ල තුළ ඉමහත් විශිෂ්ට දියුණු ජාතියක් වශයෙන් සිටි අපි එක් එක් යුගවල පසුබෑම්වලට පත් වුණා. අපි අද නව ලෝකයක් සමඟ අධිතාක්ෂණික සමාජයේ දැනුම මූලික කරගත් සමාජයේ විවිධ ක්ෂේත්‍ර හරහා ඇතිවන තරගකාරීත්වයේ විශිෂ්ටයන් මා ප්‍රමුඛයන් බිහි කරනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය එම වගකීම ගෙන තිබෙනවා. ඔටබත් මගෙත් මාතෘභූමිය සඳහා ගසකොළ ඇළදොළ සතා සිව්පාවා වෙනුවෙන් දැනුමින් සන්නද්ධ ජාතියක් බිහිකිරීමට කොතලාවල සරසවිය විශාල සේවාවක් කරනවා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යුගයේ වගකීම ඉටු කරමින් ඉන්නවා. යුද නාවික ගුවන් පොලිස් අංශවලට මෙන්ම සමාජයට අවශ්‍ය විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම ලබාදීමට කොතලාවල විශ්වවිද්‍යාලයෙන් කටයුතු කරනවා. ඇතැම් වේලාවට උගත් සමාජයේත් විනයක් නොමැතිව ඇතැම් සිදුවීම් සිදුවෙනවා. ඇතැම් විට උගත්කමට බොහෝ වේලාවට හොඳ වගේම නරක පුරුදු එක්වෙන වේලාවල් තිබෙනවා. ඒ නිසා හමුදාවක් තිබුය යුතු තාක්ෂණික දැනුම ශිල්පීය දැනුම ඒ සියල්ලට මූලික වන විනයක් ඇති සමාජයක් වගේම විනයක් ඇති උගතුන් බිහිකිරිම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඉටු කරනු ලබනවා.

තරගකාරිත්ව තිබෙන්නේ දැනුම මුලික කරගත් සමාජකයි. ඒ දැනුම මුල්කරගත් සමාජය කළමනාරණය කිරිම වැදගත් වෙනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලය සිය වගකීම ඉටු කරනවා. එය මුළුමහත් මානව සමාජයේ ඉදිරියට හේතුවක් වෙනවා. අපිට හමුදා පිළිබඳ හා ඔවුන්ගේ වගකීම් අපි කතා කළා. වසර තිහකට අධික කාලයක් තිබුණු යුද්ධය අවසන් කරන්න තාක්ෂණික දැනුම හා යුද ඥානය ලබාදීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් පිටවූ අපේ රණවිරුවන් හමුදාවේ සේවය කිරිමත් ඉතාම වැදගත් වුණා. එයට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ලබාදුන් පිටුවහල හා පරිසරය ඉහළ ඇගයීමක් කළ යුතුයි.

මේ සියලුඅංශ පිළිබඳ අපි සතුටු විය යුතුයි. හමුදාවේ සේවය කරන කුමන නිලයක හෝ තනතුරක වේවා ඔහු තළ තිබිය යුතු එඩිතරකම සටන්කාමීත්වය හා එයට දැනුම එක්වූවිට පරිණතභාවය එක්වූ විට ඒ සියලු ක්ෂේත්‍රතුළ ඔවුන් විශිෂ්ටයන් බවට පත් වෙනවා.

2017 උපාධි ප්‍රදානෝත්සවය උපාධිලාභීන් 1063 දෙනා අතර, දර්ශනපති උපාධි ලාභියකු ඇතුළු පශ්චාත් උපාධීධාරීහු හා ඩිප්ලෝමාධාරීහු 93 දෙනෙක් පශ්චාත් උපාධි පීඨයෙන් උපාධීධාරීහු 969 දෙනක් මූලික උපාධිය හිමිකරගත්හ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති අද්මිරල් දයා සදගිරි මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප-සුදත් මලවීර 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();