මෙරට වැඩිහිටි පුරවැසියන්ගේ ශරීර සෞඛ්‍යය යහපත් කිරීමේ අරමුණ ඇතිව රටපුරා වැඩිහිටි දිවාසුරැකුම් මධ්‍යස්ථාන 1, 074 ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි.
ඒ අනුව එළඹෙන 2018 වසරේ සිට මේ මධ්‍යස්ථාන රටපුරා ස්ථාපිත කරන අතර රටේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි ස්ථාපිත කර තිබෙන සමෘද්ධි බැංකු හරහා මේ වැඩිහිටි දිවාසුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන බව ද ඒ වෙනුවෙන් එක් සමෘද්ධි බැංකුවකින් රුපියල් 50, 000ක් 60, 000ක් පමණ වෙන්කරන බව ද සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතා ප්‍රකාශ කරයි.
වයස අවුරුදු 65 පසුකළ කෙනෙකුගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු තිබෙන අතර අපේ රටේ වැඩිහිටියන් වයස අවුරුදු 75 දක්වා හෝ පැමිණෙන තෙක් බෝ නොවන රෝගවලින් ඈත්කර ගතයුතු බව ද ඒ වෙනුවෙන් මෙම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන මඟින් විශාල සේවයක් සැළසෙනු ඇති බව ද ඒ මහතා පෙන්වා දෙයි. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ඩිප්ලෝමා ප්රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
0 Comments