මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, මාලිම්බඩ සහ හක්මන යන ප්‍රාදේශීය සභා සහ වැලිගම නගර සභාව යන පළාත් පාලන ආයතන හතර සඳහා නාමයෝජනා ඊයේ (14දා) මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා භාරදෙනු ලැබීය. ඉන්පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇමැතිවරයා පුංචි ඡන්දයෙන් ජය ලබා ලබාගත් ජනවරම නැවත ශක්තිමත් කරන බව පැවසීය.
නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක සහ ඇමැති මංගල සමරවීර යන මහත්වරු සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් සියලු පියවර ගන්නා බව පැවසූහ. ‘ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ නමුත් පළාත් පාලන මැතිවරණය ජනවරම ලැබුණොත් සංවර්ධනය වේගවත් කිරීමට අපිට පුළුවන් යැයි කීය. මෙම රජය පසුගිය වසර දෙකකුත් මාස 06ක කාලයක් තුළ සිදු කළ දේ අනුමත කිරීමට ජනතාව හට අවස්ථාව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.
0 Comments