Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී පොලිතින් භාවිතය තහනම්

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඉදිරියේදී පොලිතින් භාවිත කිරීම තහනම් කිරීමට ජනාධිපතිවරයා මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් දුන්නේය.

පොලිතින් භාවිතය සිදුවුවහොත් අදාළ පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය. මේ පිළිබඳ ඉදිරියේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා අදාළ පාර්ශ්ව දැනුවත් කරන ලෙස ද ජනාධිපතිවරයා මධ්‍යම පරිසර අධිකාරිය වෙත වැඩිදුරටත් දැනුම් දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබාදුන්නේ පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ ඊයේ (14) පස්වරුවේ ජනාධිපතිෙ කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය.

කසළ ගැටලුවට විසඳුම් සෙවීම කිසිදු අයුරකින් ප්‍රමාද කළ නොහැකි බව මෙහිදී අවධාරණය කළ

ජනාධිපතිවරයා ගැටලු ඇත්නම් ඒවා තමා වෙත කඩිනමින් යොමු කරන ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය. මේ වන විට ආරම්භ කර ඇති කසළ කළමනාකරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර සියලු පළාත් පාලන ආයතන සඳහා ට්‍රැක්ටර් මිලදී ගැනීමේ ප්‍රගතිය, කසළ කළමනාකරණ මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමේ ප්‍රගතිය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජාතික මට්ටමේ ක්‍රියාකාරි සැලැස්ම පිළිබඳව ද සමාලෝචනයට ලක් කෙරිණි.

පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය කළමනාකරණය සඳහා වන අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වර්තමාන තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡාවට බදුන් විය.

සායනික අපද්‍රව්‍ය ඇතුළු රෝහල් පද්ධති තුළ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විධිමත් ක්‍රමවේදයක් සැකසීම, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විධිමත් ක්‍රමවේදයක් සැකසීම, ඇළ දොළ ගංගාවල අපජලය හා අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහන් සකස් කිරීම ආදී කරුණු පිළිබඳව ද අවධානය යොමු කරන ලදී.

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ෆයිසර් මුස්තාෆා, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි, මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();