Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙඩි තබා ගැබ්බර ඇතින්න මැරූ අය සොයා පරීක්ෂණ

Author(s): 
අනුරාධපුර මධ්‍යම විශේෂ

තිරප්පනය පොලිස් වසමේ සෙම්බුකුලම ප්‍රදේශයේ පිහිටි අතහැර දැමූ හේන් යායකදී ගැබ්බර ඇතින්නකට වෙඩි තබා මරා දැමූ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා තිරප්පනය පොලිසිය පරික්ෂණ සිදුකරයි.

පෙරේදා (11) රාත්‍රීයේ හෝ ඊයේ (12) අලුයම් කාලයේදී කිසියම් අයෙකු වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැකපහළ කරන අතර ප්‍රහාරයෙන් වයස අවුරුදු විස්සක් පමණ වන අඩි අටක් පමණ උසින් යුතු ඇතින්න මියගොස් සිටින බව පොලිසිය පැවසුවේය.

ඝාතනයට ලක්වූ ඇතින්න හා තවත් අලි රංචුවක් තිරප්පනය දෙමටවැව සෙම්බුකුලම ප්‍රදේශයේ කුඹුරු අක්කර කිහිපයක් විනාශ කර නැවත කැලයට යද්දී වගා ආරක්ෂාවට නිකුත්කර තිබූ බෝර 12 වරගයේ ගිනි අවියකින් ප්‍රහාරය එල්ල කර තිබෙන බවට පොලිසිය කියයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ ඇතින්න පාළු වෙල්යාය දෙසට පැමිණ ඇද වැටී මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

ඇතින්නගේ මරණය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන වනජීවී නිළධාරින් පැවසුවේ මාස දෙකක පමණ පැටවෙකු සහිත කළලයක් ඇතින්නගේ කුසේ ඇති බවට සැකපහල කරන බවයි.අනුරාධපුර පණ්ඩුලගම වනජීවි කාරයාලයේ පශු වෛද්‍ය එච්.කේ.ඉසුරු මහතා විසින් ඇතින්නගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකල අතර පපුව පසාරුවී යන්නට එල්ලවූ දරුණු වෙඩි ප්‍රහාරයකින් සිදුවූ බරපතල තුවාල නිසා මරණය සිදුවී ඇති බව නිගමනය කලේය.

ඇතින්නට වෙඩි තැබූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් නිවැරදිව අනාවරණයවී නැති අතර තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සනත් පිංඤෝ මහතාගේ උපදෙස්මත විවිධ පැමිණිලි අංශය පරික්ෂණ සිදුකරයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();