දුම්රිය වර්ජනය නිසා මගී ජනතාවගේත් ඊයේ (12) ආරම්භ කළ අපොස සාමාන්‍යපෙළ විභාගයට පෙනි සිටින සිසුන්ගේත් ගමන් පහසුව සඳහා දුම්රිය ගමන් වාර 40 ක් දක්වා ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබිණි. ඒ අනුව විභාග අපේක්ෂකයන් සඳහා පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 3 ක්, අළුත්ගම සිට 2 ක්, හා නිරන්තර කෙටි දුර ධාවන ලෙස රාගම සිට කොළඹ කොටුව පානදුර සිට කොළඹ කොටුව දක්වා දුම්රිය සේවා පවත්වාගෙන යාමට කටයුතු යොදා තිබිණි.
ඊයේ පෙරවරු 9 වන විට දුම්රිය 15 ක් කොළඹට පැමිණි අතර ගල්කිස්සේ සිට කන්කසන්තුරේ ධාවනය කෙරෙන සීඝ්රගාම් සුඛෝපභෝගි දුම්රිය ද ධාවනය කෙරුනු බව දුම්රිය සාමාන්‍යධිකාරි මහානාම අබේවික්‍රම මහතා පැවසිය.
මෙම දුම්රිය සේවා වැඩපිළිවෙළට සමගාමිව ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් අමතර බස්රථ 1000 ක් සුඛෝපභෝගී බස්රථ 60 ක් පාසල් සේවා සඳහා යොදවා තිබූ බස්රථ 650 ක් ජනතාවගේ දෛනික ගමනා ගමන පහසුකම් සඳහා යොදවා ඇති අතර දුම්රිය වාර ප්‍රවේශපත්‍ර සහ කල් තියා වෙන් කරවා ගත් දුම්රිය ප්‍රවේශපත්‍ර වලින් ගමන් කිරීමට පහසුකම් ලබාගත හැකි බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහත පැවසිය. විභාග අපේක්ෂකයන්ගේ අනන්‍යතාවය අනුව දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර සඳහා පුද්ගලික බස් වලින් යාමට ජාතික ගමනා ගමන කොමිසම් සභාව ද සහාය දක්වයි.
දුම්රිය වර්ජනයට සහභාගිවු සංගම් 7 ක සාමාජිකයන් මේ වන විට සේවයට වාර්තා කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
දුම්රිය විදුලි සංදේශ කළමණාකරුවන්ගේ සංගමය, දුම්රිය මාර්ග හා පාලම් කළමණාකාර වරුන්ගේ සංගමය, දුම්රිය මාර්ග හා කර්මාන්තකළමණාකරුවන්ගේ සංගමය,ථ දුම්රිය ගොඩනැගිලි අධීක්ෂණ කළමණාකරුවන්ගේ සංගමය, දුම්රිය ධාවන බල කළමණාකරුවන්ගේ සංගමය, රේල්වේ ලොකොමොටිව් ඇන් ටෙක්නිකල් ඉන්ජිනියරින් ඇසෝෂියේෂන් සංගමය, හා ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමය මෙම සංගම් 7 යි.
‘වර්ජනය අත්හරින්න සිතා බලනවා’
ඇමැති අනුකමිටුව පිළිගත හැකි විසඳුමක් ලබා දෙන්නේ නම් වැඩවර්ජනය අතහැර දැමීම පිළිබඳ සිතා බලන බව දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් කළමනාකරණ සන්ධානයේ කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා ‘දිනමිණ’ ට ඊයේ (12) පැවසීය.
වර්ජිත රියැදුරු සංගම් සානුකම්පිත වූවා කීම බොරුවක්
මගීන් පිළිබඳව සානුකම්පිතව සලකා බලා දුම්රිය සේවා පවත්වාගෙන යෑමට සිය සාමාජිකයින් සීමිත සංඛ්‍යාවක් නිදහස් කැර තිබෙන බවට වැඩවර්ජනයේ නිරතව සිටින ඇතැම් දුම්රිය රියැදුරු වෘත්තීය සමිති මාධ්‍ය ඔස්සේ සිදුකැර තිබෙන ප්‍රකාශ සත්‍යතාවයෙන් තොර ප්‍රකාශ බව ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල) එම්. ජේ. ඩී. ප්‍රනාන්දු මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
දුම්රිය ධාවන කටයුතු සඳහා සහයෝගය නොදක්වන ඇතැම් දුම්රිය රියැදුරු වෘත්තීය සමිති නිලධාරීන් දුම්රිය ධාවනයට සහාය දක්වන රියැදුරු මහත්වරු වෙත විවිධ බලපෑම් එල්ල කැර තිබෙන බවටත් එම නිවේදනයේ දන්වා තිබේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වෙයි.
දැනට ක්‍රියාත්මක වන ශ්‍රේණිගත වෘත්තීය සමිති කිහිපයක වැඩවර්ජනය සඳහා සහභාගි නොවන දුම්රිය එන්ජින් රියැදුරු මහතුන් හා දිස්ත්‍රික් පරීක්ෂක (යාන්ත්‍රික) මහත්වරුන් යොදා අත්‍යවශ්‍ය දුම්රිය සේවාවන් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා දුම්රිය සේවය අවශ්‍ය විධිවිධාන යොදා ඇත. එහිදී විශේෂයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රාජකාරි කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය කාර්යාල දුම්රිය හා ඉන්ධන/ ගුවන් යානා ඉන්ධන ප්‍රවාහන දුම්රිය ධාවනය සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇත.
ශීලා උඩුවර, අනුර ප්‍රේමලාල්
0 Comments