එක්සත් ජාතික පක්ෂය මෙරට හොඳම වෙළෙඳ නාමය ලෙස හැදින්විය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. අගමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේ පෙරේදා(11) කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති හොඳම ශ්‍රී ලාංකීය වෙළෙඳ නාම -2017 සම්මාන උළෙලට සහභාගි වෙමිණි.
තවදුරටත් අගමැතිවරයා මෙසේද පැවසිය. වර්තමානයේ අපේ රටට ශක්තිමක් ගමනක් යාමට නැවත අවස්ථාව උදාවී තිබෙනවා.මෙම අවස්ථාව නිවැරදි අන්දමින් ප්‍රයෝජනයට ගනිමින් වර්තමානයේ ශ්‍රී ලංකාව ශක්තිමත් වර්ධනීය ගමනක් ආරම්භ කර තිබෙනවා. ඉන්දියන් සාගර කලාපයේ රටවල ඇති වෙමින් තිබෙන වර්ධනීය තත්ත්වය ප්‍රයෝජනයට ගත යුතුයි. ලෝකයේ බොහෝ රටවල් දියුණුව කරා ගමන් කිරීමේ උත්සාහයක නිරත වන බවත් රටක් ඉදිරියට ගෙන යාම සඳහා නව තාක්ෂණය යොදාගත යුතුයි.
රටක් ආර්ථික වශයෙන් දියුණු කිරීමේදී අනිවාර්යයෙන්ම තරඟ කාරීත්වයට මුහුණ දිය යුතුයි. තරඟකාරීත්වයට මුහුණ නොදී ශක්තිමත් ගමනක් අපට යාමට නොහැකියි. තරඟකාරීත්වයට මුහුණ දෙමින් නිවැරදිව ගමන් කළහොත් සැළසුම්ගත කේන්ද්‍රීය ස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කළ හැකියි. ත්‍රිකුණාමලය ,හම්බන්තොට, කොළඹ වරායන්වල වානිජ කටයුතු තවදුරටත් පුළුල් කරමින් දියුණු තත්ත්වයට පත් කිරීමට රටවල් ගණනාවක් සමඟ කටයුතු කරමින් සිටිනවා. මෙහිදි හොඳම වෙළෙඳ නාමය ලෙස ලංකා බැංකුව අගමැතිවරයා අතින් සම්මාන ලැබීය.
0 Comments