ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා ඊයේ දිනයේ සිය තනතුරෙන් ඉල්ලා අස් වෙයි. වසර 2016 ජනවාරි 3වැනිදා සිට ලේකම්වරයා ලෙස කටයුතු කළ මොහාන් මහතාගෙන් හිස්වූ ලේකම් තනතුරට සුදුස්සෙක් පත්කර ගැනීම ඇතුළු විශේෂ කරුණු කිහිපයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමක් ලබන වසරේ ජනවාරි 7වැනිදා පැවැත්වීමට සූදානම් වෙයි.
ජයන්ත ධර්මදාස මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුව පැවැති උප සභාපති තනතුරට මොහාන් ද සිල්වා මහතා පත් කිරීමට මේ විශේෂ මහා සභා රැස්වීමේදී සිදුවනු ඇත. එමෙන්ම ක්‍රීඩා නීතිය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථා සංශෝධන අනුමත කර ගැනීම ද මේ විශේෂ මහා සභා රැස්වීමේදී සිදු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ඊයේ පැවැති මාසික සභා රැස්වීමේදී මෙම තීරණවලට එළැඹි අතර උප සභාපති කේ. මතිවානන් මහතාට ජාත්‍යන්තර තරග කටයුතු සොයා බැලීමේ වගකීම් පැවැරී ඇත.
උප සභාපති ලෙස වැඩ භාර ගැනීමට නියමිත මොහාන් ද සිල්වා මහතාට අන්තර් ක්‍රීඩා සමාජ තරග රටාව, නීති රීති ආදී කටයුතු සොයා බැලීමේ වගකීම පැවැරී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ධුරයට නාම යෝජනා කැඳවීම ඉදිරියේදී සිදු කෙරෙන අතර මීළඟ විශේෂ මහා සභාවේදී ක්‍රීඩා සමාජවල වැඩි කැමැත්තෙන් ලේකම්වරයා පත් වේ.
0 Comments