Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ජනපති ප්‍රධානත්වයෙන් 18 දා කොළඹදී

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ පිරිමි අවසන් තරගයට නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය හා කටාන ඒකාබද්ධ කණ්ඩායම, කාන්තා අවසන් තරගයට සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය හා කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබයි.

මේ අවසන් මහා තරග මේ 18 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු යොදා ඇත.

පසුගිය වසරේ ජනාධිපති රන් කුසලානය බොරලැස්ගමුවට රැගෙන ගිය බලරැස් ක්‍රීඩා සමාජය මෙවර අවසන් පූර්ව වටයේදී ඉවතට යෑම විශේෂත්වයකි. ජාතික මට්ටමේ පිරිමි අවසන් පූර්ව තරග වටයේදී නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය වෙතින් බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩා සමාජය තරග වට 3-0ක් ලෙස පරාජයට පත්විය. අනෙක් අවසන් පූර්ව තරගයේදී කටාන ඒකාබද්ධ කණ්ඩායම වෙතින් දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය තරග වට 3-2ක් ලෙස පරාජයට පත් විය.

ජාතික මට්ටමේ කාන්තා අවසන් පූර්ව වටයේදී සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය වෙතින් කුරුණෑගල කැෂුවර්ලයින් පිල තරග වට 3-1ක් ලෙස පරාජයට පත්වූ අතර කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සමග පැවැති අනෙක් අවසන් පූර්ව තරගයේදී රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් පිල 3-0කින් පරාජයට පත්විය. මෙහි තෙවැනි ස්ථානය සදහාවූ තරගයෙන් රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් පිල 2-0ක් ලෙස කැෂුවර්ලයින් පිල පරාජයට පත් කළේය.

මේ තරගාවලියට සමගාමීව පැවැති වයස අවුරුදු 22න් පහළ පිරිමි තරගාවලියේදී හුංගම විජයබා ක්‍රීඩා සමාජය සමග හලාවත ඒකාබද්ධ කණ්ඩායම හා කාන්තා අංශයෙන් කුරුණෑගල කැෂුවලයින් පිල හා ගලුගමුව බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය අවසන් තරගවලට පිවිස සිටිති.

22න් පහළ පිරිමි අවසන් පූර්ව වටයේදී හුංගම විජයබා ක්‍රීඩා සමාජය වෙතින් රුවන්වැල්ල රාජසිංහ විදුහල 3-1ක් ලෙස පරාජය වූ අතර හලාවත ඒකාබද්ධ පිල වෙතින් සීදුව දවිසමර ක්‍රීඩා සමාජය 3-2ක් ලෙස පරාජය විය.

22න් පහළ කාන්තා අංශයෙන් කුරුණෑගල කැෂුවලයින් පිල වෙතින් ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජය 2-0ක් ලෙස පරාජය වූ අතර ගලිගමුව බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය වෙතින් 2-0ක් ලෙස හුංගම විජයබා ක්‍රීඩා සමාජය පරාජය විය. තෙවැනි ස්ථානය තේරීමේදී හුංගම විජයබා ක්‍රීඩා සමාජය තරග වට 2-0කින් ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජය පරාජයට පත් කළේය.

රටපුරා ග්‍රාම සේවා වසම් 300කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරමින් පැවැති මේ තරගාවලිය දිස්ත්‍රික් මට්ටමින් හා ඉන්පසුව ජාතික මට්ටමින් පැවැත්විණි.

වයස අවුරුදු 22න් ඉහළ විවෘත තරගාවලියේ ජයග්‍රාහකයනට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් 150,000කි. දෙවැනි ස්ථානය සඳහා රුපියල් 100,000ක්ද තෙවැනි ස්ථානය වෙනුවෙන් රුපියල් 50,000ක්ද ප්‍රදානය කෙරේ.

අවුරුදු 22න් පහළ ශූරතාව සඳහා රුපියල් 100,000ක් ත්‍යාග මුදලක් පිරිනැමෙනු ඇත. එහි දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා ප්‍රදානය කෙරෙන ත්‍යාග මුදල පිළිවෙළින් රුපියල් 50,000ක් හා රුපියල් 25,000කි.

මීට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ද විශේෂ ත්‍යාග පිරිනැමෙනු ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();