Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රි ලංකා ක්‍රීඩාලෝලියාගේ තාත්තා නිසා හිත උණුු වුණු රෝහිත් ෂර්මාගේ මනුස්සකම

l
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහාය දක්වන ප්‍රෙක්ෂකයන් අතරින් මෑත කාලීනව ගයාන් සේනානායක, පුබුදු හා මොහොමඩ් නීලාම් ඉදිරියෙන් සිටිති. ඔවුන් තිදෙනා මේ වන ක්‍රියාත්මක ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දැක්වීම සඳහා ඉන්දියාවට ගොස් සිටිති.

කෙසේ වෙතත් නව දිල්ලි නුවර පැවැති තෙවැනි ටෙස්ට් තරගය අතුර තුළදී නීලම්ගේ පියා අසනීප වී ඇත. ඔහු පිළිකා රෝගයකින් පීඩා විදිමින් සිටියි. ඒ අනුව නීලම්ට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍යව ඇත. ඔහුට ඒ සඳහා ගුවන් ටිකට්පත වෙන්කර තිබුණේ දෙසැම්බර් 26 දාය.

ඒ හේතුවෙන් ඔහුට ගුවන් ටිකට්පත වෙනුවෙන්  ප්‍රමාණවත් මුදල් නොතිබී ඇත. මේ පිළිබඳව දැනගත් ඉන්දීය ප්‍රේක්ෂකයෙක් වෙන සුධීර් ගෞතම් නීලම් මුහුණ දී ඇති  ඇගුලුව ගැන රෝහිත්ට දන්වා ඇත. ඒ හරහා නීලම්ට නැවතත් කොළඹට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පත වෙනුවෙන් අවැසි ඉන්දීය රුපියල් 20000ක මුදල් රෝහිත් පරිත්‍යාග කර ඇත.

එසේම නීලම්ගේ පියාගේ සෞඛ්‍ය වියදම් සඳහා උපකාර කිරීමටත් රෝහිත් ඉදිරිපත්ව ඇතැත් නීලම් එය ප්‍රතික්ෂේප කර තිබේ. නීලම් පසුගිය 05 දා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.මීට අමතරව ඉන්දීය නායක විරාත් කෝලිද නීලම්ගේ පියාගේ ශල්‍ය කර්ම සඳහා උපකාර කිරීමට ඉදිරිපත්ව ඇතැත් එය ද ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.

මේ පිළබදව අදහස් දක්වනනීලම් පවසන්නේ මෙවන් අදහසක්..

‘මගේ තාත්තාට දැං ගොඩක් හොදයි..ශල්‍යකර්මය සාර්ථකයි.තාත්තාගේ සෞඛ්‍ය තත්වය ගැන දැනගත්තට පස්සේ රෝහිත් ගොඩක් කම්පා වුනා..ඔහු ඉක්මනින්ම මට ටිකට් පතක් සූදානම් කරල දුන්නා ලංකාවට යන්න.ඔහු ඇත්තටම මහත්මයෙක්’

Rohit Sharma A Hero In Life Too, Funds Sri Lanka Fan's Return Home So That He Could Visit Sick Father

Mohamed Nilam's father had to undergo surgery in Colombo and his ticket was not enough to go back. When Rohit came to know, he promptly came to the rescue.
"Rohit called me to the team hotel and gave me the [R20,000 approx] ticket," Nilam was quoted as saying by Mid-Day.
It was a great gesture by Rohit and proves that he is a hero off the field too. He ensured Nilam was there when his father went under the knife.

from Gossip Lanka News & Video http://ift.tt/2ARgItu
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();