Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගමට වග කියන මන්ත්‍රීවරයකු බිහි කිරීමේ අසීරු කාර්ය අපේ ආණ්ඩුව සිදු කළා

ගමට වග කියන මන්ත්‍රීවරයකු බිහි කිරීමේ කොට්ඨාස ක්‍රමය හඳුන්වාදීමේ අසීරු කාර්ය අපේ ආණ්ඩුව සිදු කළ බවත් මේ නව ක්‍රමය හඳුන්වා දීමෙන් පසු පැවැත්වෙන පළමු පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඉතා හොඳින් සංවිධානය වී සිටින බවත් මැතිවරණය ජයග්‍රහණය කරමින් ගමේ බලය තහවරු කර ගන්නා බවත් ස්වදේශ කටයුතු අැමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.

අැමැතිවරයා මේ බව කියා සිටියේ 13 දා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ගාල්ල මහා නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

අැමැතිවරයා එහි දී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

මේ නව ක්‍රමය හඳුන්වාදීමේ ආණ්ඩුව ඉතා අමාරු කාර්යයන් රැසක් ඉටු කළා. සිමා මායිම් තිරණය කිරීමේ දී පවා ගැටලු මතු වුණා. තවත් විවේචනය තිබෙනවා. අපි පිළිගන්නවා යම් යම් අඩුපාඩු ඇති. මේ ඡන්දයෙන් පස්සෙත් මේ ක්‍රමය සංශෝධනය කිරීමට හැකියාව තිබෙනවා. මෙහි තිබෙන තවත් සුවිශේෂී දෙයක් තමයි මනාප ක්‍රමය නොමැති වීම. අපි බලාපොරොත්තු වෙන්නේ ජයග්‍රහණය. එක්සත් ජාතික පක්ෂයට රටේ පාලනය බලය අහිමි වී විපක්ෂයේ සිටින කාලයේ පවා එක්සත් ජාතික පක්ෂය ගාල්ල මහා නගර සභාව ජයග්‍රහණය කළා. ඒ වැඩි ඡන්ද 19,000ක පමණ ප්‍රමාණයකින්. ඉතිං මේ වේලාවේ අපිට ජයග්‍රහණය කිරීම කිසිදු අපහසුවක් නැහැ. ඒකාන්ත වශයෙන් ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. ඒ වගේ ම අපි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා නීති ගරුකව, මැතිවරණ නීති හා රටේ සාමාන්‍ය නීති ආරක්ෂා කරමින් සාමකාමී හා සාධාරණ ලෙස මැතිවරණ ව්‍යාපාරයක යෙදෙන්න කියා.

ගාල්ල මහ නගර සභාව සඳහා සභිකයන් 35 දෙනකු තෝරා ගැනීමට නියමිතය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();