'බස්නාහිර පළාත කියන්නේ පාසල් දරුවන්ට වගේම ගුරුභවතුන්ටත් හොඳ අධ්‍යාපනික පහසුකම් ඇති දක්ෂ ගුරුභවතුන් රාශියක්ම සිටින ලංකාවේ ඇති දියුණුම පළාතයි. නමුත් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් දරුවන් 45%ක් විතර සංඛ්‍යාවක් අ.පො.ස. උසස් පෙළ පන්තිවලට යාමට බැරිවන සේ විභාගය අසමත් වෙනවා. විභාගය සමත් වෙන්නේ සියයට 55ක් 60ක් විතර ප්‍රමාණයක් පමණයි. මේ තත්ත්වය හොඳ නැහැ. අපි ඔබලා අධ්යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් හැටියට මේ තත්ත්වය වෙනස් කරන්ට උත්සාහ ගන්ට ඕනෑ. විභාගයෙන් සමත්වන දරුවන්ගේ ප්‍රතිශතය ඉහළ නැංවීමට කුමක් හෝ සාර්ථක ක්‍රමවේදයක් පාසල්වල ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්න' යැයි බස්නාහිර පළාතේ අධ්‍යාපන අධ්යක්ෂ පී. ශ්‍රී ලාල් නෝනිස් මහතා පැවැසීය.
නෝනිස් මහතා මේ අදහස් ප්‍රකාශ කළේ ඉකුත්දා (7) කළුතර සිරිකුරුස විද්‍යාලයේදී පැවැති කළුතර කලාප විදුහල්පති ප්රණාම උළෙලක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන අධ්යක්ෂ ප්‍රියානි මුදලිගේ මහත්මිය ප්රමුඛ අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම විදුහල්පති උපහාර උළෙලේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් උසස් ලෙස දරු දැරියන් සමත් කරවීමට ගුරුවරුන් කාර්යක්ෂම ලෙස යොදවා උසස් ප්‍රතිඵල පෙන්වා තිබූ විදුහල්වල ප්‍රධානීන් 137 දෙනෙකුම මෙහිදී බස්නාහිර පළාතේ අධ්‍යාපන අධ්යක්ෂවරයා අතින් විශේෂ උපහාර සම්මාන පිරිනැමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නෝනිස් මහතා මෙසේද පැවසීය. පාසලක් අභිවෘද්ධිය හෝ පරිහානිය රඳාපවතින්නේ විදුහල්පතිවරයාගේ කාර්යක්ෂමතාව මතයි. බස්නාහිර පළාත තුළ අකාර්යක්ෂම විදුහල්පතිවරු ඇත්තේ නැහැ. හැම විදුහල්පතිවරයෙක්ම හෝ පිරිසක්ම ඉතාම හොඳට වෙහෙස මහන්සි වෙලා රාජකාරී කරනවා. දරුවන්ගේ ඉදිරි අනාගතය හා අභිවෘද්ධිය වෙනුවෙන් වෙහෙස වෙලා තම ශ්‍රමය හා ශක්තිය උපරිම ලෙස දායක කොට කටයුතු කරමින් පාසල්වල දක්ෂ ලෙස පරිපාලනය කරමින් යහපත් දරු කැලක් රටට දායාද කරදීමට උරදෙමින් කටයුතු කරන ඔබලා වැනි ශ්‍රේෂ්ඨ විදුහල්පති මහත්ම මහත්මීන්ගේ සේවය මා හැමදාමත් අගේ කොට සලකනවා. අ.පො.ස. සා.පෙළ පරීක්ෂණයෙන් උසස් ලෙස දරුවන් සමත් කරවීමට ඇප කැපවී තම සේවය ඉතාම හොඳින් ඉටු කර ඇති සියලුම පාසල් ගුරුභවතුන්ද මා ලබන වසරේදී මෙවැනිම අවස්ථාවකට ගෙන්වාගෙන ඔවුන්ටත් මෙවැනිම ගුරු උපහාර උළෙලක් පවත්වනවා. අපි මෙවැනි විදුහල්පති උළෙලක් මුල්වරට බස්නාහිර පළාත තුළ පැවැත්වූවේ මතුගම කලාපයදේයි. මේ පවත්වන්නේ එහි දෙවෙනි අදියරයි.
කළුතර අධ්‍යාපන කලාපීය අධ්යක්ෂ මණ්ඩලයේ භාහිර නිරීක්ෂණ හා ඇගයීම් දත්තවලට අනුව ඇගයීම් දර්ශකය 60%කට වැඩියෙන් පෙන්වා ඇති හා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී 2016 වසරේදී උසස් ප්‍රතිඵල පෙන්වා ඇති විදුහල්වල ප්‍රධානීන් 20 දෙනෙකුටද 2016 වසරේදී කලාප කාර්යාලයීය අධ්යක්ෂ මණ්ඩලයේ බලාපොරොත්තු වූ ඇගයීම් ඉලක්ක වෙත ළඟාවීමට හැකි වූ විදුහල්වල ප්‍රධානීන් 18 දෙනෙකුටද 2016 වසරේදී සාමාන්‍ය පෙළ විභාගයෙන් 2013 වසරේ ප්‍රතිඵලවලට වඩා 5%කින් වැඩියෙන් ප්‍රතිඵල ඉහළ නැංවු පාසල්වල විදුහල්පතිවරුන් 91 දෙනෙකුට සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ලකුණු 100 ඉක්මවූ ළමුන්ගෙන් 75%කට වැඩියෙන් ප්‍රතිඵල පෙන්වූ පාසල්වල විදුහල්පතිවරුන් 8 දෙනෙකුටද වශයෙන් විදුහල්පති මහත්ම මහත්මීන් 137 දෙනෙකු මෙහිදි විශේෂ ඇගයීමට හා උපහාරයට ලක්වූහ.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා සමඟ කළුතර අධ්‍යාපන කලාප අධ්යක්ෂ ප්‍රියානි ජිදලිගේ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හා ප්‍රසිද්ධ සමාජ සේවක ප්‍රසන්න සංජීව, කළුතර කලාපයේ පරිපාලන අධ්යක්ෂ තිරිමාන්න, බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රී ලාල් පානදුර කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ එස්.එච්. විකුම්, කළුතර කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ ඇතුළු අධ්යක්ෂ මහත්ම මහත්මින් විශාල සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වූ අතර මෙම උත්සවය මුළුමනින්ම දේශපාලකයන්ගෙන් තොර එකක්වීම විශේෂ සිදුවීමක් විය. මෙම උත්සවයේ ප්‍රධාන මූල්‍ය අනුග්‍රහය දැක්වූ ප්‍රසන්න සංජීව මහතාට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයාගේ විශේෂ ස්තූතිය හා ඇගයීමක්ද හිමි විය.
විදුහල්පති මහත්ම මහත්මීන් වෙත සහතික පත්‍ර ප්රදානය කිරීමේ අවස්ථාවට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා සමඟ කළුතර කලාප අධ්‍යාපන අධ්යක්ෂ ප්‍රියානි මුදලිගේ මහත්මියද සමඟ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව මහතාද එක් විය.
කළුතර මධ්‍යම විශේෂ සහ වාද්දුව සමූහ
0 Comments