වසර 2020 වනතෙක් මේ යහ පාලන රජය අඛණ්ඩව නොසැලී ඉදිරියට අරගෙන ගෙන යන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.
රජයේ සංවර්ධන කාර්ය අපි කරගෙන යන්නේ විශාල ණය කන්දක් ගෙවා දමමින් බවත් මේ නිසා ආණ්ඩුවට ගමන් කිරීමට වී තිබෙන්නේ ඉතා අවදානම් තත්ත්වයක සිට බවත් හෙතෙම අවධාරණය කළේය.
ඇමැතිවරයා මේ අදහස් පළ කළේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට වසර 215 ක් හා සේවක සුභ සාධක , සකසුරුවම් හා ණය දෙන සමිතියට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් එම දෙපාර්තමේන්තුවේ පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිනි.
වසර 215 ක් සැමරීම නිමිති කොටගෙන මුද්‍රණ දෙපාර් තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රකාශන අලෙවිසැලක් අමාත්‍යතුමන් විසින් විවෘත කළ අතර වසර 100 ක් සමරන සමුපාකාර සමිතිය විසින් දිගු සේවා කාලයක් සපුරන ලද සේවක සේවිකාවන් ඇගයීමක් හා ශිෂ්‍යත්ව විභාගය සමත් ආයතනයේ සේවක , සේවිකාවන්ගේ දු දරුවන් ඇගයීමක්ද සිදුකරන ලදි.
මෙහිදී ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේද කීය:
ශ්‍රී ලංකාවේ විශාලම ඡන්ද විමසීම මෙවර පවත්වන නිසා ඉදිරියේදී මුද්‍රණාලයේ හැමෝටම විශාල කාර්යභාරයක් කරන්න සිදුවේවි. මේ මැතිවරණයේදීත් රටේ ජනතාව රජය කෙරෙහි තමන්ගෙ කැමැත්ත පළ කරාවි.අපි පක්ෂ දෙකක ජාතික ආණ්ඩුවක් විදියට ඉදිරි ඡන්දයේදි වෙන් වෙන්ව තරග කරනවා .මගෙ දේශපාලන ජීවිතයේ ඓතිහාසික වගේම තීරණාත්මක ඡන්ද විමසීම මෙය කියල කියන්න පුළුවන්. යු ඇන්.පි. යත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකට රජය කරල වෙන්ව තරග කිරීම තුල විශාල ප්‍රශ්න ඇති විය හැකි.යි මේ තරම් ප්‍රශ්න තියෙද්දිත් ජනතාවට පීඩාවක් නොවන විදියට උපරිම සහනය රටේ ජනතාවට හිමිවන විදියටයි අපේ රජය වැඩ කරගෙන යන්නෙ.මේ කාර්යයේදී රජයේ මුද්‍රණාලයේ සේවක මහත්ම මහත්මීන්ගේ සහාය වෙනදාටත් වඩා වේගවත්ව අපිට අවශ්‍ය වෙනවා.ඒ වගේම මේ ආයතනය නවීකරණය කිරීමට අවශ්‍ය පියවරත් අපි අමාත්‍යංශයක් ලෙස අරගෙන තියනවා.
මේ වෙනකොට සමහරක් දුම්රිය සමිති තමන්ගෙ ඉල්ලීම් දිනාගැනීමට වැඩ වර්ජනයක් දියත් කරල තියෙනවා.මේ නිසා අද වන විට ලක්ෂ ගණනක් රජයේ සේවකයන්ට තමන්ගේ සේවා ස්ථාන වලට ඒමට නොහැකි වීම තුල මහජන සේවාවන් අඩාල වෙලා තියෙනවා.මේ වගේ වර්ජනයකින් තමන්ගෙ ඉල්ලීම් දිනා ගන්න පුළුවන් වේවි.නමුත් විශාල පිරිසක් මේ විදියට පීඩාවට පත් කරමින් සිදුකරන වෘත්තීය අරගල වෘත්තීය සමිති ව්‍යාපාරයට ගැලපෙන්නේ නෑ”
1802 වසරේ යටත් විජිත පාලන සමයේ ඇරඹි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව අද වන විට රජයේ ප්‍රධාන ප්රකාශනකරුවාගේ භූමිකාව ඉටුකරනු ලබනවා.
“සිංගප්පූරුව වේවා මැලේසියාව වේවා සංවර්ධනය කරා ගමන් කළේ යම් දැඩි නීති තුල කටයුතු කිරීම තුල.අපෙත් ප්රජාතන්ත්රවාදය රකින ගමන් යම් දැඩි පිළිවෙත් අනුගමනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා.අපි රජයක් විදියට විශාල නිදහසක් රටේ ජනතාවට දීල තියෙනවා.ලෝකයේ හොඳම තොරතුරු දැනගැනීමේ පනත් අතර අපි ගෙනාපු තොරතුරු දැනගැනීමේ පනත තියෙනවා.මේ නිසා රටේ ජනතාවට ජනාධිපතිතුමාගේ , අගමැතිතුමාගේ ඉඳල අපි කාගෙත් තොරතුරු දැන ගැනීමේ අයිතිය ලැබිල තියෙනවා.ඒ නිසයි පසුගිය දවසක අගමැතිතුමා ස්වේච්ඡාවෙන්ම බැඳුම්කර කොමිසම හමුවට ගිහිල්ල කරුණු ඉදිරිපත් කළේ.අපිට ජනතාව වෙනුවෙන් වගකීමක් තියෙනවා.ඒ නිසයි අගමැතිතුමා ඒ වගේ කටයුත්තක් ලංකා ඉතිහාසයේ පළමු වතාවට කළේ.මේ වගේ දේවල් ඉස්සර උනා නම් සුදු වෑන් එකකින් උස්සන් ගිහින් අභිරහස් මරණයක් හිමිවෙන්න තිබුණා.රටේ ජනතාවට තිබුණ මේ මරණ බය යහපාලන රජයෙන් නැති කර ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි , මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ඇතුලු රජයේ නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට වසර 215 පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා උත්සව අවස්ථාව සඳහා කැඳවාගෙන එන අයුරු.
0 Comments