Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජ්‍ය ඇමැතිනි සුදර්ශනීට බටුවත්ත ජනතාවගේ පැසසුම්

Author(s): 
කඳාන සමූහ - මොරගොඩගේ පින්තු

තමා අතින් සිදුවු අතපසුවිමක් නිහතමානි ලෙස නිවැරදි කර ගනිමින් පුංචි දරුවන්ගේ සිත් නොරිදවීමට වගබලා ගත් නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට රාගම බටුවත්ත ප්‍රදේශයේ ජනතාවගේ පැසසුම හිමි වු පුවතක් (8දා) රාගමින් වාර්තා විය.

මිගමුව අධ්‍යාපන කලාපයේ කටාන කොට්ඨාසයේ 2017 ශිෂ්‍යත්ව විභාගය සමත් වු දරුවන්ට ත්‍යාග හා සහතික පත්‍ර ලබා දිමට කටාන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අධ්‍යාපන පදනම සුජය පුවත් පතේ අනුග්‍රහය ඇතිව නොවැම්බර් (20දා) මිගමුව මරිස්ටලා විද්‍යලයේදි කටයුතු කර තිබුණි .එහිදි මිගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇන්ටනි ප්‍රනාන්දු මහාතාගේ ඉල්ලිමකට අනුව මිගමුව හා ජාඇල අධ්‍යාපන කොට්ඨාස වල සිසු දරුවන්ව ඊට සම්බන්ධ කර ගැනිමට සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමිය කටයුතු කර තිබුණි. එහිදි ශිෂ්‍යත්ව විභාග ලකුණු 187 ක් හා ඊට වැඩි ලකුණු ලබාගත් දරුවන්ට පාපැදි ලබා දිමට පදනම කටයුතු කර තිබුණි.

මෙම උත්සවයේ දි පාපැදි ලබා ගැනිමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිවු දෙනෙකුට අතපසු විමකින් එම අවස්ථාව අහිමි වි තිබුණි.ඒ සම්බන්ධව රාගම නාරංගොඩපාළුව ප්‍රාථමික විද්‍යලයේ විදුහල්පතිනි සංවිධායක මණ්ඩලය හරහා ඇමැතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දැනුවත් කිරිමෙන් පසු සිදු වු අතපසු විම ගැන කනගාටුව ප්‍රකාශ කර (8දා)රාගම නාරංගොඩපාළුව ප්‍රාථමික විද්‍යාලයට හා බටුවත්ත ප්‍රාථමික විද්‍යලය ට පැමිණ ආමාත්‍යතුමිය දරුවන්ට පාපැදි ලබා දුන්නේ සිදු වු අතපසුවිම සම්බන්ධව සමාවද අයදිමිනි.එම ක්‍රියා ව සම්බන්ධව එතුමිය ට මාපියන්ගෙන් විශාල ප්‍රශංසාවක් හිමිවිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();