Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පවුල වෙනුවෙන් කටයුතු කරන අය හේතුවෙන් ඒකාබද්ධය අද තනි වෙලා

පවුල වෙනුවෙන් කටයුතු කරන අය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය අද වන විට තනි වී ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් සාමාජිකයින්ද ඉදිරියේදී ඉවත්ව යනු ඇති බවත්, අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය ප‍්‍රකාශ කළාය.

ඇමතිවරිය ඒ බව සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නිවිතිගල මැතිවරණ කොට්ඨාසය හා බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් නාම යෝජනා භාරදීමේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරිය මෙසේද සඳහන් කළාය

අපේ පක්ෂයේ සම්ප‍්‍රදායක් තියෙනවා. අපේ පක්ෂයේ හිටපු පළාත් පාලන නියෝජිතයන්ට අපි අනිවාර්යෙන් නාම යෝජනා දෙනවා. ඊට අමතරව අපිට ලැබෙන අයදුම්පත් සලකා බලලා පක්ෂයේත් අනෙක් පාක්ෂිකයින්ගේත් එකඟතාව අනුව ඒ අයට නාම යෝජනා ලබාදෙනවා. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය හැටියට සියලු දෙනාම එකතුවෙලා ඒ අයට ජයග‍්‍රහණය ලබාදෙන්න කටයුතු කරනවා. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();