ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලනආ යතන කිහිපයකට ඉදිරිපත් කර ඇති නාමයෝජනා විවිධ හේතූන් මත ප්‍රතික්ෂේප වී ඇත. කොළඹ දිස්ත්‍රිකයේ මහරගම, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභා සහ බදුල්ල, මහියංගණය, අගලවත්ත ප්‍රාදේශීය සභාවල නාමයෝජනා මෙසේ ප්‍රතික්ෂේප වී තිබේ. කාන්තා නියෝජනය නිසි ලෙස සඳහන් නොවීම නිසා මහරගම නගරසභාවට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙන අතර වැලිගම නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප වි තිබෙන්නේ නිසි බලධාරියෙකුගේ අනුමැතිය යටතේ ඉදිරිපත් නොකිරීම නිසා බව වාර්තා වේ.
පානදුර හා අගලවත්ත නාමයෝජනා ප්‍රතික්ෂේප කර ඇත්තේ ඇතැම් අත්සන් නිසි පරිදි නොමැති නිසා බවද පැවසේ. මේ අතර දෙහිඅත්තකණ්ඩිය හා පදියතලාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම යෝජනා ලැයිස්තුව ද ප්‍රතික්ෂේප වී තිබේ. මහියංගණය ප්‍රදේශීය සභා සඳහා ස්වාධීන කණ්ඩායම් දෙකක් විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනාද ප්‍රතික්ෂේප වී තිබේ.
සමන්මලී ප්‍රියශාන්ති, ක්‍රිසන්ති විතාරණ
0 Comments