Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද තරගයේදී ශ්‍රී ලංකා පිලට නව නායකත්වයක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

19න් පහළ ආසියානු රගර්

ලබන වසරේ පැවැත්වෙන අවුරුදු 20න් පහළ ලෝක කුසලාන රගර් තරගාවලියට සුදුසුකම් ලබා දෙන ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ රගර් දෙවැනි අදියරේ තරගාවලිය අද (16) ශ්‍රී ලංකා පිල සහ හොංකොං පිල අතර හොංකොං හී පාපන්දු පිටියේදී පැවැත්වෙයි.

පසුගිය සතියේදී කොළඹ තුරඟ තරග පිටියේ පැවැති පළමු අදියරේ තරගාවලියේදී හොංකොං පිල හමුවේ ලකුණු 37-8ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිල අද තරගයට එක්වන්නේ ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනකුගේ දායකත්වය නොමැතිවය. ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක සාන්ත තෝමස් විදුහලේ ප්‍රබල ක්‍රීඩක නවීන් හේනකංකානම්ගේ පළමු තරගය අතරතුර දී ආබාධයකට ලක්වීම නිසා කණ්ඩායමෙන් ඉවත්වී ඇති අතර ඒ වෙනුවට අද තරගයේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම උපනායක ත්‍රිත්ව විදුහලේ අවීශ ප්‍රියංකරට හිමිවී තිබේ. හේනකංකානම්ගේ වෙනුවට අද තරගයට මහනුවර ධර්මරාජ විදුහලේ දුලංජන පියතිස්ස කණ්ඩායමට ඇතුළත්ව සිටී. පසුගියදා බහමාස් හී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේ රගර් තරගාවලියට ක්‍රීඩා කළ දුලාංජන පියතිස්ස අද තරගයට එක්වූවත් විශිෂ්ට ක්‍රීඩකයකු ජාතික සත් සාමාජික කණ්ඩායමට ද ක්‍රීඩා කර ඇති හේනකංකානම්ගේ අද තරගයට එක්නොවීම කණ්ඩායමේ පසුබැමට හේතුවක් වනු නිසැකය.

හේනකංකානම්ගේට අමතරව සාන්ත ජෝශප් විදුහලේ ගැමුණු චේතිය සහ වෙස්ලි විදුහලේ ශෂික ප්‍රනාන්දු ආබාධ හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකරති. ඒ වෙනුවට සාන්ත තෝමස් විදුහලේ හරිත් සේනානායක කණ්ඩායමට එක්වී සිටී. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();