Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ වරායේ ප්‍රති නැව්ගත බහලු මෙහෙයුම් ධාරිතාව ඉහළට

Author(s): 
චන්ද්‍රිකා පෙරේරා

කොළඹ වරායේ ප්‍රති නැව්ගත බහලු මෙහෙයුම් ධාරිතාවය ඉකුත් වසරට සාපේක්ෂව සියයට හයයි දශම අටකින් ද (6.8%ක) , දේශීය බහලු මෙහෙයුම් ධාරිතාවය 7.5%කින් ද ඉහළ නංවා ගනිමින් ජයග්‍රාහී වර්ධනයක් ලබා ගෙන තිබේ.

වසරක් ගත වීමට ද පෙර 2016 වසරට සාපේක්ෂව ඉකුත් මාස නවයක කාලය තුළ මේ වර්ධනීය තත්ත්වය ලබා ගැනීමට හැකි වූ බව වරාය හා නාවික අමාත්‍යංශය සඳහන් කරයි.

මේ අනුව ශ්‍රී ලංකා ආර්ථිකය නැංවීම සඳහා සාධනීය , කාර්යක්ෂම සේවා රැසක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් ඉටු කිරීමේ සැළසුම් සහගත කඩිනම් වැඩපිළිවෙළක් වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ක්‍රියාවට නංවා තිබේ.

තරඟකාරීත්වයට මුහුණදීමට හැකි වඩාත් යෝග්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කර, අපේක්ෂිත ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක සේවා සැපයීම මඟින් වරාය හා නාවික ක්ෂේත්‍රයේ දේශීය හා ජාත්‍යන්තර අවශ්‍යතා සපුරාලීමේ කටයුතු වරාය අධිකාරිය වඩාත් විධිමත්ව වර්තමානයේ පවත්වාගෙන යනු ලබයි.

මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති ජාතික නාවික නව ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කිරීමට පියවර ගෙන ඇති අතර නාවික ක්ෂේත්‍රයේ සියලු පාර්ශව නියෝජනයෙන් පත්කළ කමිටුවක් මඟින් අංශ හයක් ආවරණය වන පරිදි නව ජාතික ප්‍රතිපත්ති කෙටුම්පතක් මේ වන විට සැකසෙයි. එය මේ වසර අවසානයට පෙර සකසා අවසන් කිරීමට නියමිතය.

මේ අතර කොළඹ හා තූත්තුකුඩිය අතර ඉන්දු ලංකා මගී ප්‍රවාහන නෞකා සේවාවක් ආරම්භ කිරීමට තීරණය කැර ඇති අතර ඒ සඳහා අැමැති මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබෙන බව වරාය හා නාවික අමාත්‍යාංශ වැඩිදුරටත් පෙන්වා දෙයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();