අපරාධ වැළැක්වීම සඳහා පොලිස් සේවය නව්‍යකරණ කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය පියවර ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය.
රජයක් ලෙස නීතිය හා සාමය ස්ථාපිත කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙන බවත් මේ වකවානුව තුළ අපාරාධ රැසක් අනාවරණය කරගත හැකිවූ බවත් පෙන්වා දුන් අගමැතිවරයා නවින තාක්ෂණය ඔස්සේ වෛද්‍ය හා නීති ක්ෂේත්රය සංවර්ධනය කිරිමට කටයුතු කරන බවත් පැවසීය.
වෛද්‍ය නීති සංගමයේ 80 වන සංවත්සරය වෙනුවෙන් කිංස්බර් හෝටලයේදී පසුගිය (07)දා පැවැති උත්සවයට එක්වෙමින් එසේ කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය ප්‍රමාද වන විට බොහෝ දේ ප්‍රමාදවිය හැකි බවද සිහිපත් කළේය.
ජනතාව පාලකයෙකු පත් කරගන්නේ නීතිය හා සාමය ස්ථාපිත කරගැනීම සඳහා බවත් නීතිය හා සාමය නඩත්තු කිරීම පාලකයන්ගේ වගකීම බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා
අද 80 වැනි සංවත්සර සමරන මෙඩිකෝ ලීගල් සංගමයේ උත්සවයට සහභාගී වීමට ලැබීම සතුටට කරුණක්. නීති ක්ෂේත්රය තුළ වෛද්‍ය දැනුම වර්ධනය කිරිම, අපරාධ මර්දනය හා විසඳීම, සිවිල් නඩු විසඳීම ජාත්‍යන්තර නඩු ආදී දේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. එහිදී වෛද්‍ය විද්‍යාවේ සහාය අතිශය වැදගත් වෙනවා. අපරාධ මර්දනය ඉතා ඈත අතීතයේ සිට පැවත එන්නක්. අපරාධ මර්දනය ෂ්ර්ලෝක් හෝම්ස් කාලයේ සිට පැවත එනවා. මා මේ ක්ෂේත්රය තුළ කටයුතු කරද්දි දැනගත්තා. නමුත් මම සිවිල් නීතිඥයෙක්, අපරාධ සම්බන්ධ නීතීඥවරයෙක් නොවෙයි.
පසුගිය වසර 40 තුළදී සිදුවූ තාක්ෂණ දියුණව වෛද්‍ය අධිකරණ කටයුතු සඳහා බෙහෙවින් ඉවහල් වෙනවා. මේ වන විට එහි විශිෂ්ට වර්ධනයක් ඇතිවී තිබෙන බව කිව යුතුයි. අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ දායකත්වය එසේම නව තාක්ෂණය භාවිතය මීට අදාළ සෑම ක්ෂේත්රයකම විද්‍යාත්මක දැනුම වැදගත් වෙනවා. වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ දියුණුව, වෛද්‍ය දැනුම නීතිමය ගැටලු නිරාකරණය සඳහා යොදාගැනීම මේ වන විට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. එයයි සිදුවිය යුත්තේ. ඕනෑම රජයක් නීතිය හා සාමය ස්ථාපිත කිරීමට අනුව ක්‍රියාත්මක විය යුතුයි. ඔබ පාලකයෙකු තොරා ගන්නේ ඇයි? ඔහු සාමය හෝ නීතිය නඩත්තු කරන නිසයි. ඒ හැර වෙන දෙයක් නැහැ.
ඕනෑම රජයක් නීතිය හා සාමය පවත්වාගෙන යෑමේදී විවිධ අභියෝගවලට මුහුණු දෙනවා. පවතින ක්‍රියාදාමය තුළ නීතිමය කටයුතු වලට මැදිහත්වීම සිදු වෙනවා. නීතිය හා සාමය නගාසිටුවීම පිළිබඳ එය බලපෑමට ලක්වන බව එබ පිළිගත යුතු වෙනවා. අපරාධ වළක්වා ගත හැකි බව අපරාධ නිතියේද අප වටහාගත යුතුයි. බොහෝ අපරාධ වළක්වාගත හැකියි. අපේ වැඩි අවධානය යොමු විය යුත්තේ අපරාධ වළක්වා ගැනීම සම්බන්ධයෙනුයි.ඒ සදහා ඔබට අපරාධ අනාවරණය කර ගත යුතු වෙනවා. සාමාන්‍යයෙන් නීතිය හා සාමයේදී සිවිල් සමාජය අපරාධ නීතිය සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතුයි. නීතිය කඩවීමේදී එය මිනිසාගේ ජීවිතයට අදාළ නොවන ලෙස කාලෝචිතව අවාධානය යොමු කළ යුතුයි. ඔවුන්ගේ හිමිකම් පිළිබඳ සහතික විය යුතුයි. නීතියේ අධිපත්‍යයේ අවසාන පරීක්ෂණය එයයි.
අපේ රජය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යටතේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට නිරන්තරයෙන් කැපවෙනවා. අපරාධ අනාවරණය කර ගන්න හැකිව තිබෙනවා. ඊළඟ මට්ටම වන්නේ අපරාධ වළක්වා ගැනීමයි. තව බොහෝ දේවල් කිරීමටත් තිබෙනවා. නීතිය ප්‍රමාද වන විට බොහෝ වැදගත් දේවල් තව දුරටත් ප්‍රමාද වෙනවා. එය සමාජය සාධාරණ බලපෑමක් ඇති කරනවා. වැඩකටයුතු විශාල ප්‍රමාණයක් සිදු කිරිමට තිබෙනවා. රජයකට සෑම සම්පතක්ම ලබාදීමේ හැකියාවක් නැහැ. නමුත් මේ සම්පත් අප ලබාදිය යුතු වෙනවා. ඒ සඳහා විශාල උපකරණ අවශ්‍යතා ද තිබෙනවා. ඒ වගේම සුදුසු පුද්ගලයින් මානව සම්පත් නොමැතිව මේ ක්‍රියාදාමය සාර්ථක වෙන්නේ නැහැ.
අපගේ පොලිස් බළකාය විශාල කාර්ය භාරයක් ඉටු කර තිබෙනවා. විශේෂයෙන්ම ත්‍රස්තවාදය පැවැති සමය තුළ ඔවුන් සටන් බිමෙත් දක්ෂතා දැක්වුවා. නමුත් අපි පොලිස් බළකාය නව්‍යකරණය කළ යුතුයි. ඒ සඳහා නව අවශ්‍යතා සපුරාගත යුතුයි. පොලිස් හා අධිකරණ ඒකක ස්ථාපිත කිරීම සඳහා නව යෝජනා සිදු කරමින් පවතිනවා. එය ආසියානු කලාපයේ මුල්ම වරටයි සිදු කරන්නේ. වෛද්‍යමය, නීතිමය, පොලිස් හා වෙනත් පුළුල් ක්ෂේත්රවල පාඨමාලා හැදෑරීමෙන් අපාරධ අවම කළ හැකියි. එය නිරාකරණය කළ හැකියි. අප ඒ සඳහා සූදානම් විය යුතුයි. අවශ්‍ය පහසුකම් ලබාදීම රජය සිදු කරමින් තිබෙනවා.
නීති හා වෛද්‍ය ක්ෂේත්රය තුළ විශාල කාර්ය භාරයක් සිදු කළ නිලධාරීන්ට උපහාර සම්මාන ලබාදීමද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.
කතානායක කරූ ජයසූරිය, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහත්වරුන් අතුළු නීති ක්ෂේත්රයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප-අගමැති මාධ්‍ය ඒකකය
0 Comments