ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයන් සඳහා විදෙස් රටවල විශේෂ අධ්‍යයන අවස්ථා ලබා දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු යොදා ඇත. එහි ප්‍රථම අදියර වශයෙන් 15 දෙනකුගෙන් යුත් පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් පසුගියදා තායිලන්තය බලා පිටත්ව ගියහ.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්ෂණය කිරීමේ කාර්යය මෙහෙයවන පුරාවිද්‍යාඥයන්ගේ විෂයානුබද්ධ දැනුම පුළුල් කිරීම හා නව කළමනාකරණ උපක්‍රම භාවිතය පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වේ.
තායිලන්තයේ බුරාපා විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව පවත්වන මෙම වැඩසටහන මඟින් තායිලන්තයේ ඇති පුරාවිද්‍යාත්මක ස්මාරක පිළිබඳ අධ්‍යයනයන් මෙන්ම, එරට කළමනාකරණ ක්‍රම භාවිතය, රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායකත්වය පිළිබඳ අධ්‍යයනය, ඵලදායිතා සංකල්ප හා විශේෂ අභිපේ්රරණ ක්‍රම පිළිබඳ කරුණු හැදෑරීමට අපේක්ෂිත ය.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදේශකත්වය මත ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ ඉදිරියේ දී වඩාත් පුළුල් කොට තවත් කණ්ඩායම් කිහිපයක් සඳහා මෙම අවස්ථාව ලබා දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල බලාපොරොත්තු වේ.
0 Comments