Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුහුදු රළෙන් විදුලිය නිපදවන්න සහය දෙන්න පින්ලන්ත රජය සුදානම්

Author(s): 
චමීර ඇල්ලදෙණිය

මුහුදු රළෙන් විදුලිය නිපදවීමට පින්ලන්ත රජය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයට සහයා දැක්වීමට කැමැත්ත පළකර ඇත.

මුහුදු රළ මඟින් විදුලිය නිපදවීම පිළිබඳව පින්ලන්ත රජයේ තාක්ෂණික ඥාණය මෙන්ම සහන ණය ලබාදීමටත් කටයුතු කරන බව පින්ලන්ත නියෝජ්‍ය මුදල් ඇමැති ජෙයිකි කාටයින් මහතා අවධාරණය කෙළේය.

දකුණු ආසියාවේ පැය 24 පුරාම අඛණ්ඩව විදුලිය සපයනු ලබන, එකම රට වශයෙන් හැදින්වෙන ශ‍්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයාට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම මිල අවම විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තීන් වර්ධනය කිරීම සඳහා සිය රටේ සහාය ලබාදීම සම්බන්ධයෙන් පින්ලන්ත මුදල් නියෝජ්‍ය අැමැති ජෙයිකි කාටයින් මහතාකීය . විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අැමැති රංජිත් සියඹලාපිටිය මහතා හා පින්ලන්ත මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා විදුලිබල අමාත්‍යාංශයේදී පසුගිය දා (12) හමු වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා ඇතුළු පින්ලන්ත නියෝජිත පිරිසක් සහභාගි වූහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();