Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශ්වමිත්‍රගේ තහනම ලිහිල් කරයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

මේ වසරේ ජූලි මාසයේ කොළඹ තුරඟ තරග පිටියේ පැවැති වෙළෙඳසේවා සත් සාමාජික රගර් තරගාවලියේ අවසන් මහා තරගයේදී සහය විනිසුරුවරයකුට පහරදුන් බව කියන සිදුවීමක් මුල් කරමින් එම තරගයට ක්‍රීඩා කළ ඇක්සස් කණ්ඩායමේ විශ්වමිත්‍ර ජයසිංහට ශ්‍රී ලංකා රගර් ආයතනය විසින් පනවනු ලැබූ වසර දෙකක තරග තහනම මාස 5ක් දක්වා ලිහිල් කිරීමට රගර් ආයතනයේ අභියාචනා කමිටුව පියවර ගත්තේය.

ශ්‍රී ලංකා රගර් ආයතනයේ විනය කමිටුවේ නිර්දේශයකට අනුව පනවනු ලැබූ මේ තරග තහනමට එරෙහිව ඔහු ඉදිරිපත් කර තිබූ අභියාචනාව සළකා බලා මේ තීරණය ගෙන තිබේ. ඔහුට අමතරව එම සිදුවීමට සම්බන්ධ වූ මාස් කණ්ඩායමේ දිනේෂ් කුමාරට පනවා තිබූ වසරක තරග තහනමත් ඔහුගේ අභියාචනාව සැළකිල්ලට ගෙන මාස 5කට අඩු කිරීමට අභියාචනා කමිටුව තීරණය කර තිබේ.

ත්‍රිපුද්ගල අභියාචනා කමිටුව විසින් මේ ක්‍රීඩකයන් දෙදෙනාගේ අභියාචනා පිළිබඳ පරීක්ෂණ කරනු ලැබූ අතර විශ්වමිත්‍රගේ සහ දිනේෂ් කුමාරගේ තරග තහනම ලබන මස 22 වැනිදා නිමාවට පත්වනු ඇත. එසේ වුවත් ඉදිරි වසර දෙකක කාලයක් තුළ ඔවුන් දෙදෙනා ක්‍රීඩා පිටියේ හැසිරෙන ආකාරය නිරීක්ෂණයට භාජනය කෙරෙනු ඇත.

වෙළෙඳ සේවා සත් සාමාජික රගර් තරගාවලියේ මාස් සහ ඇක්සස් කණ්ඩායම් අතර පැවැති අවසන් මහා තරගයේ අතිරේක කාලයේදී පිටියට සිසිල් පැන් ගෙනයාමට එම තරගයේ දී සහය විනිසුරුවරයකු ලෙස කටයුතු කළ මොහොමඩ් අෂ්රෆ් අවසර නොදීමේ හේතුවෙන් තරගය නිමාවට පත්වූ මොහොතේදී ඔහුට පහරදුන් බවට විශ්වමිත්‍ර ජයසිංහට සහ දිනේෂ් කුමාරට එරෙහිව චෝදනා එල්ලවී තිබිණි. මේ පහරදීමෙන් තුවාල ලැබූ අෂ්රෆ් පසුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();