Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිලධාරීන්ගේ වරදින් ජිම්නාස්ටික් පිලට පොදු රඳ මඩුලු ක්‍රීඩා අහිමියි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් හී ලබන අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවීමට සිටි ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම ක්‍රීඩා උළෙල අහිමි වෙයි. ශ්‍රී ලංකාවෙන් ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනකුට අවස්ථාව හිමිව තිබූ අතර, නියමිත වේලාවට ජිම්නාස්ටික් සම්මේලනයේ නිලධාරීන් ක්‍රීඩක හැඳුනුම්පත් සැකසීමට අසමත්වීම මෙයට හේතුවී තිබේ.

සියලුම ක්‍රීඩා සංගම්වලට කල් වේලා ඇතිව ජාතික ඔලිම්පික් කමිටුව විසින් හැඳුනුම්පත් සැකසීමේ ක්‍රමවේද හා වෙබ් අඩවියට ඇතුලත්වීමේ මුර පද (password) ලබාදී තිබුණද, ජිම්නාස්ටික් සංගමය පමණක් නියමිත වේලාවට තොරතුරු ඇතුලත් කොට ක්‍රීඩක ලියාපදිංචිය සිදුකොට නොමැත.

මෙම ක්‍රීඩා උළෙලට මුල් පෙළේ ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්වන රිද්මා සමනලී ගුණතිලක, අමායා කෝට්ටගේ, රුචිර සංජන හා දිල්ෂාන් කාවීන් සහභාගීවීමට නියමිතව සිටියහ. ජිම්නාස්ටික් නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් ජාතික තලයේ දක්ෂයන්ට ජාත්‍යන්තර දොරටු වැසීම කණගාටුවට කරුණකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();