ඇම්බැක්ක භූමියේ මෙය විරාජමානව තිබෙන සුවිශේෂි නිම වූමකි. දේවාලයට මදක් දුරින් වෙල්යාය මධ්‍යයේ ගල්තලාවක් මත රිට්ටාගෙය පිහිටා ඇත. එක් එක් කෙළවරේ ගල් වැටි සතර බැගින් සිටුවා ඇත. මුල සතරුස් වූ ගල්වැටි දහසයක (16) අටපට්ටම් කරන ලද ආසන දෙක බැගින් යුක්ත ය. දේවාලය ඉදි කරන සමයේ ඪඪඪ වන වික්‍රමබාහු රජතුමා ගිමන් නිවා ගත් ස්ථානය ලෙස රිට්ටා ගෙය හෙවත් අම්බලම යොදා ගෙන ඇති බව ජන වහරේ කියැවේ. ලණු ගැටය, හංස පූට්ටුව, මකරා, හේරුණ්ඩ පක්ෂියා, නලඟන, වැනි චිත්‍ර ගල් කණුවල කැටයම් කර ඇත. රිට්ටා ගෙය නොහොත් අම්බලමේ අද ඉතිරිව ඇත්තේ ගල් කණු පමණකි. එයින් ද ඇතැම් කැටයම් ද ගල් කණු ද විනාශ වී හමාරය. වසර 800 කට වැඩි ඉපැරණි මෙවැනි ඵෙතිහාසික ස්ථාන ආරක්ෂා කර ගැනීම වගකිව යුත්තන්ගේ යුතුකමක් ලෙස පෙන්වා දෙමු.
සටහන හා ඡායාරූප නිශ්ශංක විජේරත්න
Location name:
from mihithuru
0 Comments