බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ හිසගසා දමන අයෙකුට ඉන්දීය රුපියල් කෝටි 100ක් ත්‍යාග වශයෙන් ලබා දෙන බවට භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයෙකුවන ඉන්දියාවේ හරියානා ප්‍රාන්ත නායක සුරාජ් පාල් අමූ ප්‍රකාශයක් කර තිබීම මේ වනවිට ඉන්දියාවේ මහත් ආන්දෝලනයට ලක් ව තිබේ.
ඒ, ඇය ප්‍රධාන චරිතය නිරූපනය කරන “පද්මාවතී” චිත්‍රපටය මුල්කරගනිමින් ය. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සංජය ලීලා බන්සාලිට ද මේ වනවිට ඉන්දියාවේ හින්දු ජාතිවාදීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
“පද්මාවතී” චිත්‍රපටයේ පද්මාවතී යනු මුස්ලිම් පාලකයෙකු සමග විවාහවන හින්දු රැජිණක්. ඒ හේතුවෙන් මෙම චිත්‍රපටය දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමට හින්දු ජාතිකයින් පෙලඹී ඇති බව වාර්තා වේ.
චිත්‍රපටය ලබන මාසයේ දී තිරගත කිරීමට නියමිතව ඇති අතර එය වැළක්වීමට ඔවුන් දැඩි ලෙස උත්සහ කරන බව වාර්තා වේ. මේ අතර පූනේ අධිකරණයෙන් ප්‍රාන්ත සිනමා ශාලාවල “පද්මාවතී” තිරගත කිරීම තහනම් කර වාරණ නියෝගයක් පනවා ඇති බවෙ ද වාර්තා වේ.
පද්මවතිගේ චරිතයට පණ පොවන දීපිකාගේ හිසගසා දමන අයෙකුට ඉන්දීය රුපියල් කෝටි 100ක් ත්‍යාග වශයෙන් ලබා දෙන බවට භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයෙකුවන ඉන්දියාවේ හරියානා ප්‍රාන්ත නායක සුරාජ් පාල් අමූ කළ ප්‍රකාශයත් සමග බොලිවුඩය ද කැළඹී තිබේ.
එහි පූර්ව ප්‍රචාරක පටය පහතින්
from Gossip Lanka News & Video http://ift.tt/2iPKdnT
via internet

0 Comments