Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිමුත් අවුට් කියලා කැ ගහපු ඉන්දියාව පසුව බලද්දී නෝ බෝල් එකක් වෙච්ච හැටි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය පිල අතර දෙවැනි ටෙස්ට් තරගය අද නාග්පූර් නුවර ජම්තා ප්‍රදේශයේ පිහිටි විදර්බා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ. කල්කටා නුවර පැවැති පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව නිමාවට පත්වීම නිසා තරග 3කින් සමන්විත මේ ටෙස්ට් තරගමාලාවේ දෙවැනි තරගයට දෙපිලම එක්වන්නේ ජයග්‍රහණයේ බලාපොරොත්තු පොදි බැඳගෙනය.

කල්කටා නුවර ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිම ලකුණු 172කට සීමා කිරීමට සුරංග ලක්මාල් ඇතුලු පන්දු යවන්නන් සමත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම නිමාවට පත්වූයේ ලකුණු 122ක වැඩි ලකුණු සංඛ්‍යාවක් ද සහිතවය. එහෙත් දෙවැනි ඉනිමේදී ඉන්දීය පිල ගොඩගත් නායක විරාත් කෝලිගේ ශතකය හේතුවෙන් ලකුණු 231ක අභියෝගාත්මක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබාදෙමින් ඉන්දියාව ඉනිම අත්හිටුවුයේ කඩුලු 8කට ලකුණු 352ක් ලබා සිටියදීය. ලකුණු 75කට කඩුලු 7ක්ම බිඳ වැටී අසරණ තත්ත්වයකට ඇදවැටී සිටි ශ්‍රී ලංකා පිල තරගය ජයපරාජයෙන් තොරව නිමා කරගත්තේ අයහපත් කාලගුණයේ පිහිටෙනි.

නාග්පූර් පිටියේ තණතීරුව දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් බව ඉතිහාස වාර්තාවල සඳහන් වූවත් මෙවර තරගය සඳහා සකස් කළ තණතීරුව තරමක් තණකොළ සහිත එකක් නිසා පළමු තරගයේදී මෙන්ම වේගපන්දු යවන්නන්ට උචිත වනු ඇතැයි විචාරකයෝ අනාවැකි පළ කරති.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කර කලේය.

මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රි ලංකා කණ්ඩායමේ සදීර සමරවික්‍රම ලකුණු 13ක් ලබා සිටිය දී දැවී ගියේ සර්මාගේ පන්දුවක් ඉදිරියේ පුජාරාට උඩ පන්දුවක් ලබා දෙමින්.

අනතුරුව ලකුණු 09ක් ලබා සිටි ලහිරු තිරිමාන්න ද දැවී ගියේය.

කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු දෙකක් අවසානයේ ලකුණු 44ක් රැස් කර ගෙන සිටියි.

කෙසේ වෙතත් ජඩේජා විසින් එල්ල කල පන්දුවකට ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරන්නට ගිය දිමුත් කරුණාරත්නට එම පන්දුව මගහැරී කඩුලු රකින ක්‍රීඩකයා වෙත ගිය අතර කඩුලු රකින්නා විසින් එම කඩුල්ල බිද දමන විට දිමුත් කරුණාරත්න සිටියේ පිතිකරණ ඉරට වඩා තරමක් ඉදිරියෙන්ය.නමුත් තෙවන විනිසුරු විසින් පරික්ෂා කරන විට වය නිපන්දුවක් බව තහවුරු වුයේ සැවම පුදුම කරමින්ය.



from Gossip Lanka News & Video http://ift.tt/2Bl6xNx
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();