Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණ කොමිසම අදත් රැස්වෙයි

ජාතික මැතිවරණ කොමිසම එහි සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වීමට නියමිතය.

එහිදී පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කරන දිනය පිළිබඳව දිර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත අතර මීට පෙර කොමිසම පැවසුවේ ලබන 27 වැනිදා අදාළ නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කරන බව ය.

එහෙත් පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ සීමා නිර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම ලබන මස 04 වනදා දක්වා අත්හිටුවමින්, අභියාචනාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබිණි.

අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේ, ඡන්ද දායකයින් 06 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

අද රැස්වන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී අභියාචනාධිකරණ තීරණයත් සමග ඇතිව තිබෙන නෛතික තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();