ලාංකිය සිනමාවේ අළුත් වෙනසක් ඇති කරන ජාත්‍යන්තර මට්ටමට නිර්මාණය වන අළුත්ම සිනාමා පටයක් ගැන මේ දින වල කතා බහ වෙනවා මේ සිනමාපටයට සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර් ද රංගනයෙන් දායක වෙනවා ඉතින් ලංකාවේ නිර්මාණය වෙන මේ දැවන්ත සිනමා පටය ගැනයි මේ කියන්න යන්නේ.
ශ්‍රීපාලි හැඩ වැඩ දාපු කෝකිල වංශය චිත්‍රපටයත් එන්න ලඟයි නේද කවදා වගේද දිග හැරෙන්නේ?
දෙසැම්බර් මාසේ කෝකිල වංශය චිත්‍රපටය තිරගත කරනන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ දවස්වල ඒ වෙනුුවෙන් වැඩකටයුතු කරගෙන යනවා.
චිත්‍රපටයකයට අත ගහලා නෑ නේද?
Block bluster මගේ අලුත්ම චිත්‍රපටය ඇක්ෂන් චිත්‍රපටයක් මේ දවස්වල රූපගත කිරීම් නවත්වල තියෙන්නේ කාලගුණ හේතුන් නිසා.
ශ්‍රීපාලි ඇක්ෂන් ෆිල්ම්වලට බැස්සේ ළමා චිත්‍රපට කරලා ආදායම් මදිවුණ නිසාද?
මම කැමති වෙනස් විදිහේ නිර්මාණ කරන්න. මට ඕනා ලාංකික සිනමාව ජාත්‍යන්තර තලයට ගෙනයන්න. block bluster ජාත්‍යන්තර රහස් පරීක්ෂක කතාවක්. ලොකු වෙනසක් වේවී කියලා මම හිතනවා මේ ෆිල්ම් එකට රිතිකා ගුලට් කියන බොලිව්ඩ් නිළියත් එකතු වෙනවා.
ඉතාම කෙටි කාලයකින් චිත්‍රපටයක වැඩ අවසන් කර නමක් හදාගන්න පුළුවන්ද?
කරන හැම දෙයක්ම නිර්මාණශීලීව පිළිවෙළකට කළොත් චිත්‍රපටයක් කරන්න වැඩි කාලයක් යන්නෑ…. මම සුජාත පුත්‍ර දවස් 14 වැඩ කරලා ඉවර කළා. මගේ අලුත් චිත්‍රපටයට එයට වඩා කාලයක් ගතවෙයි දැවැන්ත වැඩක් නිසා.
හැබැයි Block Bluster මෙගා වැඩක්ලු නේද?
ලැබෙන ප්‍රතිචාරත් එක්ක පාර්ට් 2 පාර්ට් 3 Block buster හැදේවී දැන්ම ඒ ගැන කියන්න අමාරුයි
ඉදිරි වැඩකට බොලිවුඩ් නළු අනිල් කපූර් ඔබේ චිත්‍රපටයකට සම්බන්ධ වෙනවා කියලා ආරංචියි, චිත්‍රපටය ජනප්‍රිය කරගන්න ඕන නිසාද අනිල්ව ගත්තේ?
මම නිෂ්පාදකවරුන් කීපදෙනෙකු සමඟ කතා කරගෙන යනවා දිගටම චිත්‍රපට කරන්න ලංකාවේ 70 දශකයේ ශිල්පීන් 10 ක් සම්බන්ධ කරන් ගරු රැඟපෑමකට අනිල් කපූර් සම්බන්ධ කර ගන්නවා
එක පාරටම ශ්‍රිපාලිගේ වැඩේට අනිල් කපූරු කැමති වුණාද?
සුනිල් ෂෙට්ටි, අභිෂේක් බච්චන්, ෂාරුක් ඛාන් , අනිල් කපූරු බොලිවුඩ් නළුවන් සමඟ අන්තර්ජාලය හරහා කතා බහ කළා මගේ අදහස් ප්‍රකාශ කළා. මට ඕනා ලංකාවේ සිනමාව බොලිවුඩ් මට්ටමට ගෙන්නයි ඉතින් මගේ උත්සාහයට කැපවීමට අනිල් කපූර් මට කැමති වුණා. එයාව ගරු රඟපෑමකට ගන්න කිව්වා අනිල්ගෙන් ලැබෙන උපරිම කාලෙන් වැඩ ගන්න කිව්වා
ඉතින් ශ්‍රී පාලි ඔය වගේ බොලිවුඩ් නළුවන් දාල වැඩක් කරන එක එසේ මෙසේ පහසු වැඩක් නෙවේ නේද?
ඔව් මට අනිල් කපූර් කිව්වා ඒ ශිල්පියෙක්ට යට කරන මුදල ලංකාවේ චිත්‍රපට 10 කරන්න පුළුවන්. එත් මම ඒ අභියෝගය භාර ගන්නවා මට ලංකාවේ සිනමාව ජාත්‍යන්තරයට ගෙනයන්න ඕනා මගේ උත්සාහය කැපවීම නිසා අනිල් කපූර් සාධාරණයක් කරනවා ෂාරුක් ඛාන් පවා අධික මුදලක් අය කරනවා.
අද ලංකාවේ කලා ශිල්පීන් වැඩේට නැති නිසාමද බොලිවුඩ් ශිල්පීන් සම්බන්ධ කරන් වැඩ කරන්නේ?
එහෙම දෙයක් නෙවේ ලංකාවේ හොඳ දක්ෂ ශිල්පීන් ඉන්නවා විදේශීය ශිල්පීන්ගේ දක්ෂතාව එකිනෙකට වෙනස් හැබැයි අද ඉන්දියාවට වඩා ලංකාවේ ශිල්පීන් හොඳ තැනත ඉන්නවා ඒ අතරින් අපි වාසනාවන්තයි හැබැයි ඒ ශිල්පීන්ගෙන් අපිට ගන්න දෙයක් තියෙනවා අපිට එහෙම ගන්න නම් අපිිට විදේශීය ශිල්පීන් සම්බන්ධ කරන වැඩ කරන්න වෙනවා
The post සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර් ලංකාවට ඇවිල්ලා කරන්න යන වැඩේ මෙන්න appeared first on Gossip King.
0 Comments