Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණ්ඩුවෙන් ප්‍රයෝජන ගැනීම ජනතාව සතු වගකීමක්

ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ  (13) පස්වරුවේ අවධාරණය කළේය.
 
රුපියල් කෝටි 14ක වියදමෙන් මහල් හතරකින් යුතුව ඉදිකළ බේරුවල ප්‍රාදේශිය සභා බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේය.
 
අද විශේෂයෙන් නගරයට වඩා ගම පිළිබඳව කටයුතු කරන්න  සියලු දෙනා මහන්සි වන බවත්ගමට නගරයේ තිබෙන පහසුකම් ලබා දීම ආණ්ඩුවේ  වගකීමක් හා යුතුකම බව ද අගමැතිතුමා මෙහිදී ප්‍රකාශ කළහ.
 
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන පියල් නිශාන්ත, ජයන්ත සමරවීර,පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන අනූප පැස්කුවෙල්, සංජීව එදිරිමාන්න, මර්ජාන් ෆලීල්,බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, බේරුවල ප්‍රාදේශිය සභාවේ සභාපති මේනක විමලරත්න ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හා ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ
 
 

Post a Comment

0 Comments