Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මත් උවදුර මැඩලීමට තවත් වැඩසටහන්

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ වන බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමට නම් මත් උවදුර මේ සමාජයෙන් අතුගා දැමිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය
 
එතුමා මෙම අදහස් පළ කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් හා පාසල් ප්‍රජාවට අනුබද්ධිත සංවිධාන නියෝජිතයන්  සමග පසුගිය දා අමාත්‍යාංශ කාර්යාලය පැවති රැස්වීමක දීය. 
 
මත්ද්‍රව්‍ය සමාජයෙන් තුරන් කිරීමේ මූලික පියවර ලෙස  භෞතිකව මෙරටට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට කටයුතු කළ යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළහ.
 
පාසල් ආචාර්යවරුන් දෙමාපියන් ශිෂ්‍ය නායකයින් හා පාසල් ක්ෂේත්‍රයට අනුබද්ධිත විවිධ කණ්ඩායම් සහිතව ජාත්‍යන්තර පාසල් ද ඇතුළුව ශක්තිමත් කමිටු නිර්මාණය කළ යුතු බවත්, මෙම කමිටු හොඳ ආකර්ෂණීය තත්ත්වයක් හා ගැම්මක් එන පරිදි නිර්මාණය කළ යුතු බවත්, මෙම කමිටු හරහා මතට ඇබ්බැහිවූවන් ප්‍රතික්ෂේප කරන සමාජ රැල්ලක් හා සමාජ විලාසිතාවක් නිර්මාණය කළ හැකි බවද ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
 
එසේම දරුවන් සඳහා මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව, දේශන, චිත්‍රපට හා නවීන තාක්ෂණ සමාජ මෙවලම් උපයෝගී කරගෙන නිර්මාණය කළ හැකි බව පෙන්වා දුන් අතර තම දරුවා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා නවීන මත්ද්‍රව්‍ය හා ඒවා භාවිතයෙන් පසු ඇති වන වෙනස්කම් පිළිබඳව දෙමාපියන්ද දැනුවත් කළ යුතු බවද මහජන ආරක්ෂක අමාත්‍ය ක්‍රියාත්මක ආචාර්ය සරත් වීරසේකර මහතා මෙම රැස්වීමේදී පැවසීය 
 
මේ අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් මේජර් ජෙනරාල් ජගත් අල්විස් පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු ප්‍රධානීහු රැසක් රැසක්ද සහභාගි වීය
 

Post a Comment

0 Comments