
කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයට අවසර ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියාය.
එහිදී ඇය පැවසූයේ අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ භූමදානය කිරීමට අවස්ථාව ලබාදෙන බව මිස කොරෝනා මෘතදේහ භූමදානය ට අවසර ලබාදෙන බවක් අගමැතිවරයා නොකී බවයි.
කොරෝනා මෘතදේහ භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම ගැන තීරණය කරන්නේ සෞඛ්‍ය බලධාරීන් බවත් ඔවුන්ගේ නිර්දේශ පිළි ගැනීමට රජය කටයුතු කරන බව ද ඇය සඳහන් කළාය. පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී එස් එම් මරික්කාර් විමසා සිටියේ කොරෝනා මෘතදේහ භූමදානයට අවසර දෙන්නේද නැද්ද යන්න වන අතර අග්‍රාමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ භූමදානයට අවසරය දෙන බවයි.
The post කොරෝනා මෘත දේහයන් භූමදානයට අවසර දෙන බව අගමැති කිව්වේ නැතිලු. appeared first on Lanka News Column.

0 Comments