අතිගරු ජනාධිපතිතුමාගේ ජාතික ප්‍රතිපත්ති වන ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ තුළින් සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීමේ අරමුණ සාක්ශාත් කිරීම උදෙසා යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් වන ‘තුරු මිතුරු නව රටක්’ ඔස්සේ වගා කල හැකි යුද්ධ හමුදා, රාජ්‍ය සහ පෞද්ගලික අංශය සතු භූමි ප්‍රමාණයන් ප්‍රයෝජනයට ගනිමින් නවීන තාක්ෂණය හා දැනුම උපයෝගි කරගනිමින් කෘෂි හා සත්ත්ව නිෂ්පාදන ඉහළ නැංවීමට හා ශ්‍රී ලාංකික ගොවි ජනතාව ජාලගත කර අවශ්‍ය සම්පත් දායකත්වය ලබාදී, එමගින් ඔවුන් කෘෂි ව්‍යවසායකයින් ලෙස සවිබල ගැන්වීම තුලින් රටෙහි කෘෂි ආර්ථිකය ඉහළ නැංවීම ජාතික අවශ්‍යතාවයකි.
මෙම කර්තව්‍යය යථාර්තයක් කිරීම සඳහා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූසම්පත් අධ්යක්ෂ මණ්ඩලය යටතේ දිවයින පුරා විසිරුණු ක්‍රමවත් කෘෂිකාර්මික උපාය මාර්ගික සැලැස්මක් ඔස්සේ යමින් රටෙහි ආහාර අවශ්‍යතාවය සපුරාලීමට උරදෙමින් අගය එකතු කල කෘෂි හා සත්ත්ව නිෂ්පාදන ඉහළ නංවා එමගින් දළ ජාතික නිෂ්පාදනයට දායකවෙමින් ජාතියෙහි අනාගත ආහාර සුරක්ෂිතතාවය සබැදිව විශ්වාසනීයත්වයක් ගොඩනැගිම උදෙසා අවැසි යාන්ත්‍රණය ක්‍රමවත්ව හැසිරවීම සදහා අවශ්‍ය යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකාය අද (07) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී නිල වශයෙන් ආරම්භ කරන ලදී.
ඒ අනුව, මෙම බලකාය බළඇණි 5 කින් යුක්ත වන අතර එය නිත්‍ය බළඇණියක් සහ ස්වේච්ඡා බළඇණි 4 කින් සමන්විත වේ.
0 Comments