Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෛද්‍යවරයකුට පහරදී තර්ජනය කරලා – පැණි ධම්මික අල්ලන්න පොලිස් මෙහෙයුමක්!

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදී තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව කෑගල්ලේ ධම්මික කපු මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.

මෙලෙස පහරකෑමට ලක්ව ඇතැයි කියන වෛද්‍යවරයා පේරාදෙණිය පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ල කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මගින් කෑගල්ල පොලිසිය වෙත යොමුකර ඇතැයි මහනුවර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවසීය. මීට සතියකට පමණ ඉහතදී කෑගල්ලේ ධම්මික කපු මහතාගේ නිවෙසට ගිය බවත්, එහිදී කපු මහතා තමාට බැණ වැදී තර්ජනය කරන්නට පටන් ගත් බවත්, ඉන් අනතුරුව තමාට පහර දුන් බවත් අදාළ වෛද්‍යවරයා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

මෙම සිද්ධියට අදාළව කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/35ZHFMu
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();