පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාදිතයා ඇහැලියගොඩ, පැල්පිටිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
43 හැවිරිදි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා ඊයේ (19) රාත්‍රී 7.30ට පමණ පළාගොස් තිබුණා.
එම ආසාදිතයා අද (20) උදෑසන 8.30ට පමණ ඇහැලියගොඩ පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.
ආරක්ෂිතව’ නිරෝධායන ක්‍රමවේදයන් යටතේ නැවත ආසාදිතයා ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නියමිත බව ද පැවසෙනවා.
එසේම රෝගියා වාලච්චේන සිට ඇහැලියගොඩ දක්වා පැමිණි ආකාරය සෙවීම සඳහා මේවන විට විමර්ශන අරඹා තිබේ.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3bWyXCy
tribune

0 Comments