
2019 බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට බදවාගත් නිලධාරීන්ගේ දෙසැම්බර් මස දීමනවා තවම ගෙවා නැති අතර කුඩා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය මේ වනවිට තරුණ හා කි‍්‍රඩා අමාත්‍යාංශය යටතේ පවතියි.
මෙම අභ්‍යාසලාභීන් පසුගිය වසරේ අගෝස්තු මාස ස්ථිර කිරීමට නියමිත වුවද ආණ්ඩුවේ පැවති නොහැකියාව නිසා පුහුණුව වසර අවසන්ව මාස 5ක් ගතව ඇතත් ස්ථිර කිරීමට කටයුතු යොදා නැති නමුත් ස්ථිර සේවකයින් කරන රාජකාරී කටයුතු සොච්චම් රුපියල් 20000ක මාසික දීමනාවක් ලබාගනිමින් ඉටුකරන බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පවසයි.
මේ තුලින් පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුවේ බංකොලොත් බාවය බවත් දෙසැම්බර් මස දීමනාව වහා ලබාදෙන ලෙසත් කඩිනමින් ස්ථිර කරන ලෙසත් බලධාරීන්ට නැවතත් මතක්කරන බවද ධම්මික මුණසිංහ වැඩිදුරටත් පවසයි.
…ගමගේ…
The post 2019 බදවාගත් උපාධිධාරීන් ස්ථිරත් නෑ……දෙසැම්බර් දීමනාවත් තවම ගෙවා නෑ. appeared first on Lanka News Column.

0 Comments