මෙරට වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නම් වී කිලෝවක සහතික මිල රුපියල් 60 ක් විය යුතු බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසීය.
ඔහු එසේ ප්‍රකාශ කළේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ ඊයේ (19වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය. සභාපතිවරයා පෙන්වා දෙන්නේ පසුගිය දිනවල කෘෂිකර්ම ඇමැතිවරයා විසින් නියම කළ රුපියල් 50 ක සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය.
අක්කරයකින් ගොවියාට රුපියල් අනූදහසක ආදායමක් ලැබුණද, ඉන් රුපියල් 68500 ක්ම එය වගා කිරීමට වියදම් වේ.
ඇමැතිවරයාගේ සහතික මිලට අනුව අක්කරයකින් වී ගොවියාට ලැබෙන ආදායම රුපියල් 21,500 කි. ගොවියාගේ ශ්‍රමය දින 100 ක් 120 ක් වැයකර අවසානයේ රුපියල් 21,500 ක් ලබාගෙන සිය පවුල් ජීවත් කරවීමට නොහැකි බවද සභාපතිවරයා අවධාරණය කළේය. එම නිසා වහාම මේ සඳහා විසඳුම් ලබා දීමට රජය මැදිහත් විය යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේ ය.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/2XXATm0
tribune

0 Comments