Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජ්‍ය ආරක්‍ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය සුපුරුදු පරිදි ක්‍රියාත්මකයි

රාජ්‍ය ආරක්‍ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය සුපුරුදු පරිදි ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. 
 
රාජ්‍ය ආරක්‍ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයෙන් කොවිඩ් වෛරස ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීම හේතුවෙන් එම අමාත්‍යංශය වසා දමා ඇතැයි සාවද්‍ය ප්‍රචාරයක් පැතිරයන නමුත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව එම අමාත්‍යංශය පවසයි. 
 
එම රාජ්‍ය අමාත්‍යංශයේ කාර්යය මණ්ඩලයේ කිහිප දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇත. ඔවුන් ඉදිරි සෞඛ්‍ය ක්‍රියාමාර්ග වෙත යොමු කර තිබේ. එසේම එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් ද හදුනාගෙන නිරෝධායනයට යොමු කර තිබේ. 
 
රාජ්‍ය ආරක්‍ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය තුළ සෞඛ්‍ය ආරක්‍ෂක උපක්‍රම උපරිමයෙන් ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ අනුව අමාත්‍යංශයේ රාජකාරී කටයුතු සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදු කෙරෙන බවද සදහන් කෙරේ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();