ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් 22 අතරින් 5 දෙනෙකු ආපසු නිවෙස් වෙත යැවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී අෂන්ත ද මෙල් මහතා පවසයි.
ඔහු මව්බිම වෙබ් අඩවියට පැවසුවේ, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර සහ මිනෝද් භානුක යන ක්‍රීඩකයින් 5 දෙනා ආපසු යැවීමට තීරණය කළ බවය.
දිමුත් කරුණාරත්න ආබාධයට ලක්වීම හේතුවෙන් ඔහු විවේක ගන්වා තිබේ.
අෂන්ත ද මෙල් මහතා සඳහන් කළේ, කුසල් මෙන්ඩිස් යම් ආකාරයක මානසික පසුබැස්මක සිටින හෙයින් ඔහුට විවේකයක් ලබා දීමට තීරණය කළ බවය.
ගාල්ල නවාතැන් ගෙන සිටින ස්ථානයේ ඉඩකඩ පහසුකම් සලකා බැලීමෙන් සහ තවත් එක් තරගයක් පමණක් ඉතිරිව ඇති හෙයින් ක්‍රීඩකයින් 5 දෙනෙකු විවේක ගැන්වූ බව ද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, ලබන සතියේ සිට ඔවුන් යළිත් පුහුණුවීම්වලට සහභාගි වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/2M7kxod
tribune

0 Comments