Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගිය ආසාදිතයා අත්අඩංගුවට

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැනගිය කොරෝනා ආසාදිත පුද්ගලයා ඇහැළියගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
 
පූනානි ප්‍රතිකාර මධ්‍ය්සථානයෙන් ඊයේ (19) රාත්‍රියේ මෙසේ පළා ගොස් තිබුණේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.
 
එම පුද්ගලයා පදිංචි නිවස ආසන්නයේ සිටිය දී අද (20) උදෑසන 8.30ට පමණ ඇහැලියගොඩ පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
 
රෝගියා වාලච්චේන සිට ඇහැලියගොඩ දක්වා පැමිණි ආකාරය සඳහා පිළිබඳ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. 
 
ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිට ඇති බවත් සදහන් වේ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();