රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට අකමැති කොවිඩ් - 19 වයිරසය වැලඳෙන පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා කොළඹ හෝටල් දෙකක් ලබාදීමට ලංකා රෝහල සහ නවලෝක රෝහල ඉදිරිපත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිනමිණ‘ට පෙරේදා (18) පැවසුවේය.
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට අකමැති ආසාදිතයන්ට මුදල් ගෙවා මේ ස්ථානවලින් ප්‍රතිකාර ලබා ගැනීමට හැකි බවද හෙතෙම පැවසීය.
කොවිඩ් - 19 ආසාදිතයන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස මේ වන විටත් හබරාදූව ප්‍රදේශයේ හෝටලයක් ක්‍රියාත්මක වන බවත් හමුදාවේ අධීක්ෂණය යටතේ එය ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසුවේය.
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට අකමැති පුද්ගලයන්ට මේ පෞද්ගලික මධ්‍යස්ථානවලට මුදල් ගෙවා ප්‍රතිකාර පහසුකම් ලබා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙන බවද ඔහු කීය.


0 Comments