කාලි මෑණියන් විසින් සිහිනෙන් තමාට කොරෝනා ඖෂධය නිපදවන ආකාරය ප්‍රකාශ කළ බව පවසමින් පැණියක් නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාරට බණ්ඩාරවෙල ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක ෂර්මා ස්වාමි අද (21) අභියෝගයක් එල්ල කළා.
එම පූජකවරයා සඳහන් කළේ කාලි මෑණියන් කිසිවිටකත් සිහිනෙන් පැමිණ ප්‍රකාශ සිදු නොකරන බවයි.
මේ අතර අදාළ පැණිය ලබාගැනීම සඳහා ඊයේ දිනයේ විශාල පිරිසක් කෑගල්ලේ පිහිටි ධම්මික බණ්ඩාරගේ නිවසට පැමිණියා.
කෙසේ වෙතත් කාලි මෑණියන්ගේ නම භාවිත කරමින් ව්‍යාපාර කටයුතු සිදු නොකරන ලෙසයි බණ්ඩාරවෙල ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක ෂර්මා ස්වාමි කෑගල්ලේ ධම්මික බණ්ඩාරගෙන් ඉල්ලා සිටියේ.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/34zo590
tribune
0 Comments