Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ටෙස්ට් රිපෝට් නැත්නම් කොළඹින් පිට හෝටල් පහසුකම් නෑ!

නත්තල හා වර්ෂ අවසාන නිවාඩුව නිමිත්තෙන් කොළඹින් බැහැර හෝටල් සහ නවාතැන්පොළවල් වෙත යන සියලුදෙනාම පී.සී.ආර්. පරීක්ෂණය හෝ ක්ෂණික ප්‍රතිදේහ ජනක (රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්) පරීක්ෂණය සිදුකර අදාළ වාර්තා රැගෙන යා යුතු බවට රජයේ කොරෝනා පාලන කාර්ය සාධන බළකාය තීන්දු කර ඇත.

මේ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශ මාර්ග බාධක යොදවා මගීන් පරීක්ෂා කරනු ලැබේ. යම්කිසි කෙනෙක් ගැන සැකසහිත තත්ත්වයක් දක්නට ලැබුණොත් අහඹු ලෙස ඔවුන් මාර්ගබාධක ස්ථානයේදීම ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයකට යොමු කෙරේ. බස්නාහිරෙන් පිටවයන තැනැත්තන් අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට කොළඹ නුවර පාරේ නිට්ටඹුවෙත් අවිස්සාවේල්ල මාර්ගයේ සාලාව හන්දියේත් කොළඹ කටුනායක මාර්ග පිවිසුමෙත් පරීක්ෂණ ස්ථාන පිහිටවනු ලබේ.

ඒ අතර කොළඹින් බැහැර හෝටල් හා වෙනත් නිවාඩු නිකේතනවලටද පී.සී.ආර්. හෝ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ වාර්තා නොමැති අය නිවාඩු සමය තුළ ඇතුළත් කර නොගන්නා ලෙස උපදෙස් දීමට තීන්දු කර තිබේ. පසුගිය සිකුරාදා සිට මෙම ක්‍රමවේදය ක්‍රියාවට නැංවෙයි. මේ ගැන අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථාන හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමර්ශනය කරනු ලබන අතර ඔවුනට ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට නිරෝධායන පනත යටතේ අවසරය ලබාදී ඇත.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/2WHEBPL
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();