
ඕස්ට්‍රේලියානු සමාගමක් වන ටයිටේනියම් සෑන්ඩ්ස් සමාගම මන්නාරමෙහි යෝජිත ඉල්මනයිට් වැලි කැණීමේ ව්‍යාපෘතියක් සදහා අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පවසන පරිදි මෙම සමාගම අවම වශයෙන් වර්ග කිලෝමීටර් 240 ක භූමි ප්‍රමාණයක් ලබාදෙන ලෙස එනම් තලෙයිමන්නර් සහ පෙසාලේ හි ස්ථාන 3 ක පතල් කැණීමට අනුමැතිය ඉල්ලා ඇත.
මෙම සමාගම පවසා ඇත්තේ තමන්ට ගවේෂණ බලපත්‍ර 9 ක් ඇති බවයි. එසේම ටයිටේනියම් සෑන්ඩ්ස් සමාගම ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොලේ කොටස් විකිණීමේදී ලොව 4 වන විශාලතම ඉල්මනයිට් නිධිය වෙත තමන්ට ප්‍රවේශය ලැබී ඇති බව පවසමින් සිටින බවද පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂකවරයා පවසයි.
The post මන්නාරමේ ඉල්මනයිට් නිධිය ඕස්ට්‍රේලියානු සමාගමක් ඉල්ලයි. appeared first on Lanka News Column.
0 Comments