Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න කැබිනට් අනුමැතියක් නෑලු…..ඊයේ හූ තියා පැන්නූ වාසු කියයි.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තේ නැතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර  සඳහන් කරයි. එවන් කැබිනට් පත්‍රිකාවක් හෝ ඉදිරිපත් නොවූ බවද ඔහු පවසයි.

කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය සඳහා හවුල් කාරයෙක් එක් කර ගත යුතු බවත් එහි 51%ක් වූ වැඩි පංගුව ශ්‍රී ලංකා රජය සතු බවත් ඔහු සඳහන් කළේය. අදාල හවුල්කරුවාට ව්‍යාපෘතියෙන් 49%ක් අයිති වුවද එය භූමියෙන් නොව කර්මාන්තයෙන් පමණක් බවද ඇමතිවරයා පැවසීය.

එමෙන්ම නැවත යම් කාලයක් ගත වූ පසුව එම කොටසද මිලදී ගන්නා බව ද පැවසූ ඇමතිවරයා මෙම ආණ්ඩුව රටේ බලය ලබා ගත්තේ ජාතික සම්පත් රැකීමට මිස විකිණීමට නොවන බවද කීය. හැකියාවක් ලැබුනොත් හම්බන්තොට වරාය ද ආපසු ගන්නා බවද කියා සිටියේය.

කෙසේ නමුත් වරාය ඇමති රෝහි අබේගුණවර්ධන  14 වැනිදා මාධ්‍ය අමතමින් කියා සිටියේ ඉන්දීය අදානි සමාගමයට නැගෙනහිර පර්යන්තයෙන් 49%ක් ලබා දීම සදහා කැබිනට් අනුමැතිය ලැබුනු බවයි.

The post නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න කැබිනට් අනුමැතියක් නෑලු…..ඊයේ හූ තියා පැන්නූ වාසු කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();