
අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පොල්ලෙබැද්ද ගම්මානය කේන්ද්‍ර කරගනිමින් වනාන්තර අක්කර 5,426ක් මේ වෙනවිට සමාගම් ගණනාවකට වර්තමාන ආණ්ඩුව විසින් ලබා දී ඇති අතර ඉන් ජන ජීවිත පවා අඩාල වී ඇතැයි එම ජනතාව පවසයි.
විශේෂයෙන් එම වනාන්තර කේන්ද්‍රකරගනිමින් තම ජීවිකාව ගෙනයන ආදිවාසී ජනතාවද මින් දැඩි පීඩනයකට ලක්වී තිබේ. තම ජීවිතවලට පවා තර්ජන එල්ලවී ඇතැයී ඔවූහු පවසයි.
මේ වනවිට එම භූමිවල ඇති මහ වනය ඩෝසර් කරමින් පවතින අතර මෙම මහා විනාශය වලක්වා ගැනීම උදෙසා බින්තැන්න පත්තු සුරැකීමේ පෙරමුණ පසුගියදා අත්පත්‍රිකා බෙදා ඇරීම්වල මෙන්ම උද්ඝෝෂණ ව්‍යාපාරවලද නිරත විය.
මේ සදහා සංඝරත්නය ආදීවාසීන් එම ප්‍රදේශයේ ජනතාව මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න ඇතුලු පිරිසක් සහභාතී වී සිටිනු දක්නට ලැබිණ.
…ගමගේ…
The post ආදීවාසීන් ඇතුළු ජනතාව වීදි බසියි. appeared first on Lanka News Column.
0 Comments