Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද සිට බස්නාහිරින් පිටවන අය ටෙස්ට් කරයි!

එළඹෙන උත්සව සමයේදී පිට පළාත්වල කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා බස්නාහිරින් පිටවන ජනතාවගේ ප්‍රතිදේහජනක පරීක්ෂණ (රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්) සිදු කිරීමට තීන්දු කර ඇත.

ඒ අනුව අද (18) පෙරවරුවේ සිට මෙම කටයුතු සිදුකිරීමට සෞඛ්‍ය බලධාරීන් තීන්දු කර තිබේ.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (බටහිර පළාත) වෙත යවන ලද ලිපියකට අනුව, පළාතේ ස්ථාන තුනක මගීන්ගේ අවදානම හඳුනා ගැනීම සඳහාත්, වෛරසය වෙනත් දිස්ත්‍රික්කවලට පැතිරීම වැළැක්වීම සඳහාත් මෙම පරීක්ෂණය සිදුකරන බව සඳහන්ය.

අහඹු පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ක්‍රියාවලිය සඳහා පොලිසිය පහසුකම් සපයනු ඇත. ඊට අමතරව, ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කිරීම සඳහා අදාළ සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂවරුන් තම කණ්ඩායම් පහත සඳහන් ස්ථානවලට යොදවනු ඇත.

  1. මහනුවර-කොළඹ පාර නිට්ටඹුව
  2. අවිස්සාවේල්ල-කොළඹ පාර සාලාව, කොස්ගම
  3. කොළඹ-හලාවත පාර කටුනායක

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ නියෝගය මත මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යාංශය පවසයි.

මීට පෙර යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ එළඹෙන උත්සව සමයේදී විශේෂයෙන් වෙනත් ප්‍රදේශවලට සංචාරය කරන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් ප්‍රතිදේහජනක පරීක්ෂණ පවත්වන බවයි.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3nuaWp6
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();