Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා නිසා වහපු ඇඟලුම් කම්හලකින් ජුකී මැෂින් 60ක් උස්සලා!

ඇල්පිටිය, ඌරන්වල ප්‍රදේශයේ වසා දමා තිබෙන ඇඟලුම් කර්මාන්තශාලාවකින් රුපියල් ලක්ෂ දාහතක් වටිනා ජුකී මැෂින් 60ක් සොරකම් කිරීම හා මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටත්, අනෙක් දෙදෙනා දෙසැම්බර් මස 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ඇල්පිටිය මහෙස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ ඊයේ (17දා) නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන අනෙක් සැකකරුද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා ඇල්පිටිය පොලිසියට නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාරගත කළේ ජුකී මැෂින් සොරකම් කළ ඇල්පිටිය, පන්ගන්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. ඇප මත මුදාහැර ඇත්තේ ජුකී මැෂින් මිලදීගත් කුරුඳුගහහැතැක්ම හා ගිංතොට ප්‍ර​දේශයන්හි පදිංචිකරුවන් දෙදෙනෙකි.

සොරකමට සම්බන්ධව සිදුකරන තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බවත් ඇල්පිටිය පොලිසිය කියයි. ඔවුන් සොරකම් කළ මැෂින් යම් ප්‍රමාණයක් ඇල්පිටිය හා ආසන්න ප්‍රදේශයන්හි පුද්ගලයන් කිහිප දෙනකුට අලෙවිකර තිබියදී පොලිසිය සොයාගෙන තිබේ. මෙම ජුකී මැෂින් කර්මාන්තශාලාව කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මීට මාස හයකට පමණ පෙර වසා දමන ලද එකකි. එහි සේවය කළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාද මීට මාස දෙකකට පමණ පෙර සේවයෙන් ඉවත් කර තිබේ.

සැකකරුවන් කර්මාන්තශාලාවේ ඉබියතුරු කඩා ජුකී මැෂින් සොරකම් කර තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙම ජුකී මැෂිමක් ඉතා අධික බරකින් යුක්ත බවත්, ඒවා රැගෙන යාමට භාවිත කළ වාහන සොයා ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ පවත්වන බවද ඇල්පිටිය පොලිසිය කියයි.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/34kQSxN
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();